මයික් සමග සේවය කළ බොහෝ දෙනෙක් කිතු දහම ගැන දැන සිටියේ අල්පයකි. ඔවුහු ඒ ගැන සැළකුවේද නැත. නමුත් උන්වහන්සේ සළකන බව ඔවුහු දැන සිටියහ. එක් දිනක් පාස්කු කාලය ආසන්නයේදී පැරණි ගිවිසුමේ පාස්කුව සමග දැන් පාස්කුව සම්බන්ධ බව අසා ඇති බවත් ඒ ගැන දැන ගැනීමට කැමති බවත් කෙනෙක් පැවසීය. “ඒ මයික්! ඔබ දෙවියන්ගේ කාරණා දන්නවා. මොකද්ද මේ පැරණි ගිවිසුමේ පාස්කුව” කියා ඔහු ඇසුවේය.

ඒ හෙයින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ව මිසරයේ වහල්කමෙන් පිටතට ගෙන ආ සැටි මයික් විස්තර කළේය. සෑම නිවසකම කුළුඳුලාගේ මරණයද ඇතුළුව වසංගත දහය ගැනද ඔහු කීවේය. පූජා කරන ලද බැටළුවන්ගේ ලේ වලින් ආවරණය කර තිබු ගෙවල් පසු කර ගෙන මරණයේ දුතයා ගිය ආකාරයද ඔහු විස්තර කළේය. එසේම යේසුස්වහන්සේව පාස්කු කාලයේදී සියල්ලන්ට ප්‍රමාණවත් පූජාවේ බැටළුවා ලෙස කුරුසියේ ඇණ ගැසූ හැටිද විස්තර කළේය. “මම දැන් ශුභාරංචිය කියනවා” කියා හදිසියේම මයික්ට වැටහුණි.

දෙවියන්වහන්සේ ගැන නොදන්නා සංස්කෘතියක තිබු සභාවකට ගෝලයෙක් වූ පේත්‍රෑස් උපදෙස් දුන්නේය. “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින්න” (1 පේත්‍රෑස් 3:15) ඔහු කීවේය.

තම ඇදහිල්ල ගැන මයික් විවෘතව කථා කළ නිසා සාමාන්‍ය ලෙස ඒ ගැන කියන්න ඔහුට අවස්ථාව ලැබුණි. එසේම එය ගෞරවයෙන් සහ මෘදුකමෙන් කියන්න ඔහුට හැකි විය (15 පදය).

ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් අපටද සරළ බසින් ජීවිතයට අත්‍යවශ්‍ය වන දෙවියන්වහන්සේගේ කාරණා විස්තර කළ හැකිය.