පීටර් වෙල්ච් 1970 ගණන්වල තරුණ වියේ පසුවිය. එකල ලෝහ සෙවීම විනෝදාංශයක් විය. නමුත් 1990 සිට ඔහු ලොව වටා සෙනගව ලෝහ සෙවීමේ සංචාරවල යෙදවීය. ඔව්හු දහස් ගණන් දේවල් සොයා ගත්තහුය. කඩු, පුරාණ රන් භාණ්ඩ, කාසි යනාදියයි. එයට ඔවුන් යොදා ගත්තේ “ගූගල් අර්ත්” නැමැති චන්ද්‍රිකා පරිකල්පනයෙන් පිරි පරිඝණක වැඩ සටහනකි. ඔව්හු එක්සත් රාජධානියේ ගොවිපළවල් වල භූමි තලයන් පරීක්‍ෂා කළහ. ඉන් ඔවුන්ට සියවස් ගණනාවකට පෙර තිබු පාරවල්, ගොඩනැගිලි සහ අනෙකුත් ව්‍යුහයන් සොයා ගත හැකි වුනි. පීටර්ට අනුව ඉහළින් දර්ශනයක් තිබීමෙන් පූර්ණ අලුත් ලොවක් අපට විවෘත වේ.

යෙසායාගේ කාලයේදී දෙවියන්වහන්සේගේ සෙනගට ඉහළින් දැක්මක් අවශ්‍ය වුනි. ඔව්හු තමන් දෙවියන්වහන්සේගේ සෙනග යයි කියමින් අහංකාර වූහ. අකීකරු වූහ. රූප අත් නෑරියෝය. දෙවියන්වහන්සේට වෙනත් දැක්මක් තිබුණි. ඔවුන් කැරළි ගැසුවද දෙවියන්වහන්සේට ඔවුන්ව බබිලෝනි වහල්කමෙන් ගළවා ගැනීමට අවශ්‍ය වුනි. ඒ ඇයි? “මා නිසාම….. මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි” (යෙසායා 48:11) යයි උන්වහන්සේ කියන සේක. දෙවියන්වහන්සේගේ ඉහළ දැක්ම නම් ජීවිතය කියන්නේ උන්වහන්සේගේ මහිමය සහ පරමාර්ථය වන හෙයිනි. අපගේ දැක්ම අනුව නොවේ. අපගේ අවධානය උන්වහන්සේ සහ උන්වහන්සේගේ සැළසුම් කෙරෙහිම විය යුතු වන අතර අන් අයව උන්වහන්සේට ප්‍රශංසා කිරීමට යොමුකරවීමද විය යුතුය.

අපගේ ජීවිතයේ දැක්ම ලෙසට උන්වහන්සේගේ මහිමය තබා ගැනීම සම්පූර්ණ නව ලෝකයක් විවර කරන්නේය. අපි උන්වහන්සේ ගැන සොයා ගන්නා දේ මොනවාද සහ අප වෙනුවෙන් උන්වහන්සේට ඇති දේ කුමක්ද කියා දන්නේ උන්වහන්සේ පමණි. අපට යහපත් දෙය දෙවියන්වහන්සේ අපට උගන්වා අප අනුගමණය කළ යුතු මාර්ග දිගේ අපව ගෙන යන සේක.