මධ්‍යම රාත්‍රියේ සභාපාලක සැමුවෙල් බගාගා හට සභාවේ සාමාජිකයෙක්ගේ නිවසට එන ලෙසට පණිවුඩයක් ලැබුණි. ඔහු පැමිණි විට දුටුවේ ගෙය ගිනිගෙන දැවෙන බවය. පිළිස්සුණු තුවාල සහිතව පියා නැවතත් නිවසට ගියේ තමාගේ එක් දරුවෙක් බේරා ගැනීමටය. ඔහු පිටතට පැමිණියේ සිහිසුන්ව සිටි තම දියණියවද රැගෙනය. උගන්ඩාවේ පිටිසර පළාතක් වූ එහි රෝහලක් තිබුණේ සැතපුම් 6 ක් (කිලෝමීටර් 10 ක්) ඈතිනි. වාහනයක්ද නොතිබුණු නිසා සභාපාලක සහ පියා දැරිය රැගෙන රෝහල වෙත දිව ගියහ. එක් අයෙක් වෙහෙසට පත්වන විට අනෙකා බැගින් මාරුවෙන් මාරුවට ඔව්හු ඇයව ඔසවා ගෙන ගියහ. කෙසේ හෝ ඔව්හු රෝහලට පැමිණියහ. පියාටද දියණියටද ප්‍රතිකාර කෙරුණු අතර ඔව්හු සුවපත් වූහ.

නික්මයාම 17:8-13 හි සටන් බිමේ සටන මෙහෙයවූ යෝෂුවාගේ සහ දෙවියන්වහන්සේගේ සැරයටිය තම අතෙන් ඔසවා ගෙන සිටි මෝසෙස්ගේ උත්සාහය අඩංගු වූ විශාල ජයග්‍රහණයක් දෙවියන්වහන්සේ සැළසුම් කළ සේක. මෝසෙස්ගේ දෑත්වලට වෙහෙස දැණුනු විට ආරොන් සහ හූර් දෙදෙනා ඔහුගේ අත් ඔසවා ගෙන සිටියහ. හිරු බසින තෙක් සහ සතුරා පරාජය වෙන තෙක් එසේ කෙරුණි.

අන්‍යෝන්‍ය උපකාරය කිසි දිනෙක අවතක්සේරු කළ නොහැකිය. දෙවියන්වහන්සේ තම කරුණාව නිසා දයාවන්තව තම නියෝජිතයන් වන සෙනගට උපකාර කරන්නේ අන්‍යෝන්‍ය යහපත පිණිසය. ඇහුම්කන් දෙන කන් සහ උපකාර කරන දෑත් ණැනවත් සහනදායී සහ නිවැරදි කරන වදන් සහ අනෙකුත් මූලාශ්‍ර අපට ලැබී අප තුළින් අන් අයට යන්නේය. අපි එකතුව ජයග්‍රහණය කරන්නෙමු. මහිමය අයත්වන්නේ දෙවියන්වහන්සේටයි.