ලන්ඩනයේ විශාලතම ගණිකා නිවාසය ක්‍රියාත්මක කළ ජෝන්ව සිර ගෙට යැවූ කල තමා යහපත් කෙනෙකු යයි ඔහු වැරදි ලෙස සිතා ගත්තේය. සිර ගෙදර සිටින විට කේක් සහ කෝපි ලබා දෙන නිසා බයිබල් අධ්‍යයනයකට යන්නෙමි යයි ඔහු සිතුවේය. නමුත් එයට සහභාගී වන්නන්ගේ සතුට දැක ඔහු මවිත විය. පළමු ගීතිකාව කියන විටම ඔහු හඬන්න පටන් ගත් අතර පසුව බයිබලයක්ද ලබා ගත්තේය. එසෙකියෙල්ගේ පොත කියවු ඔහු වෙනස් විය. එය අකුණක් මෙන් ඔහුට වැදුණි. “දුෂ්ඨයා තමා කළ දුෂ්ඨකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කරන කල ….. ඔහු නොනැසී ජීවත් වන්නේමය” (18:27-28) කියා ඔහු කියවීය. දෙවියන්වහන්සේගේ වචනය ජීවමානව ඔහු වෙතට පැමිණියේය. “මම හොඳ නැහැ. මම නපුරුයි. මට වෙනස් වෙන්න අවශ්‍යයි” කියා ඔහු තේරුම් ගත්තේය. පසුව සභා පාලක සමග යාච්ඤා කරන විට ඔහු කීවේ “මට ක්‍රිස්තුස්වහන්සේ හමුවුනා. උන්වහන්සේ මාව වෙනස් කළා” කියාය.

එසෙකියෙල්ගේ එම වචන දෙවියන්වහන්සේගේ සෙනගට කියනු ලැබුවේ ඔවුන් වහල්කමේ සිටින විටය. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ ඔවුන් වැරදි ඉවත් කර ඔවුන් අලුත් හදවතක් සහ අලුත් ආත්මයක් ලබා ගනු ඇති බවයි (31 පදය). පව්කරුවන් පසුතැවීමට කැඳවන තැනන්වහන්සේ වන යේසුස්වහන්සේ (ලූක් 5:32) අනුගමණය කරද්දී පසුතැවී ජීවත්වීමට (32 පදය) එම වචන ජෝන්ට උපකාරී විය.

පාප සමාව සහ නිදහස භුක්ති විඳින පිණිස අපද ආත්මයාණන් පාපය දක්වන විට ප්‍රතිචාර දක්වමු.