“මම ඔහුව බලා ගන්නවා. ඔහු සතුටෙන් ඉන්නා විට මමත් සතුටෙන්” ස්ටෙලා කීවාය. “ඇය මා ළඟ සිටින විට මට සතුටුයි” මර්ල් කීවේය. මර්ල් සහ ස්ටෙලා විවාහ වී වසර 79 කි. මර්ල්ව සාත්තු නිවසකට ඇතුල් කළ විට ඔහු අසහනයට පත් විය. ඒ හෙයින් ස්ටෙලා ඔහුව නැවත නිවසට ගෙන ආවාය. ඔහුට වයස අවුරුදු 101 කි. ඇයට 95 කි. ඇයට එහේ මෙහේ යන්න ඇවිදින උපකරණයක් අවශ්‍ය වූවත් ඇය ඇගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් කළ හැකි දේ එනම් ඔහු කැමති ආහාර පිළියෙල කර දීම යනාදිය ප්‍රේමයෙන් කළාය. ඇයට මේවා තනියම කළ නොහැකි වුනි. ඇගේ මුණුපුරු මිණිපිරියන් සහ අසල්වැසියන් ඇයට කළ නොහැකි දේ කර දෙමින් ඇයට උපකාර කළහ.

ස්ටෙලා සහ මර්ල්ගේ ජීවිත උත්පත්ති 2 හි ආදර්ශයකි. “මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි” (18 පදය) කියා එහිදී දෙවියන්වහන්සේ කී සේක. ආදම් ඉදිරියට දෙවියන්වහන්සේ ගෙන ආ එක් ජීවියෙක්වත් එම සැළැස්මට හරිගියේ නැත. ආදම්ගේ ඉළ ඇටයෙන් මවන ලද ඒව පමණක් ආදම්ට සුදුසු සහකාරියක් සහ මිතුරියක් විය (19-24 පද).

ආදම්ට පූර්ණ ලෙස ගැළපෙන සහකාරිය ඒවය. ඔවුන් මගින් දෙවියන්වහන්සේ විවාහය පිහිටෙවු සේක. එය එකිනෙකාගේ සහාය පිණිස පමණක් නොව අන් අයවද ඇතුළත් කර ගෙන පවුලක් පටන් ගෙන මැවිල්ල ගැන බලා ගන්නා පිණිසය (1:28). එම පළමු පවුලෙන් සමූහනයක් බිහි වූයේ විවාහ වුවද තනියෙන් සිටියද මහළු හෝ තරුණ වුවද අප කිසි කෙනෙක් තනි නොවන පිණිසය. සමූහනයක් ලෙස එකිනෙකාගේ “බර ඉසිලීමේ” වරප්‍රසාදය දෙවියන්වහන්සේ අපට දී තිබේ.