අවසන් කිරීමට තිබූ වැඩ නිරීක්‍ෂණය කිරීමට නායකයා අසු පිටින් ගමන් කරන විට රෑ බෝවී තිබුණි. ඔහු අවට ඇති විනාශ වී ගිය දේ මැදින් ඔහු ගමන් කරද්දී නගර පවුරු විනාශ වී දොරටු ගිනි ගෙන තිබූ බව ඔහු දුටුවේය. සමහර පළාත්වල තිබූ අබලි කැබලි නිසා අශ්වයාටද යාම අපහසු විය. දුකට පත් අශ්වාරෝහකයා නිවස වෙතට යාමට හැරුණේය.

නගරයේ විනාශය නගරයේ නිලධාරීන්ට වාර්තා කිරීමට කාලය පැමිණ තිබූ විට “අපට තිබෙන විපත්තිය” (නෙහෙමියා 2:17) ඔබට පෙනේ” කියා ඔහු තම කථාව ආරම්භ කළේය. නගරය නටබුන්ව ඇති බවත් නගරය ආරක්‍ෂා කිරීමට තිබූ නගර පවුරු වලින් වැඩක් නැති බවත් ඔහු වාර්තා කළේය.

ඉන්පසුව ඔහු කරදරයෙන් සිටි නගර වැසියන්ව දිරිමත් කරමින් “මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා කෙරෙහි තිබෙන බව” කී බවද ඔහු සඳහන් කළේය. එකෙණෙහිම ජනතාව පිළිතුරු දුන්නේ “අපි නැගිට ගොඩනගමු” යනුවෙනි (18 පදය). ඔව්හු එසේ කළහ.

සතුරු විරුද්ධකම් මධ්‍යයෙහි කළ නොහැකි බව පෙණුන කාර්යයක් යෙරුසලමේ සෙනග නෙහෙමියාගේ නායකත්වය යටතේ දින 52 කින් අවසන් කළෝය (6:15).

ඔබගේ අර්බූද ගැන කල්පනා කරන විට අසීරු යයි පෙනෙන දේවල් තිබේද? නුමුත් දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ ඒ දේවල් කිරීම බව ඔබ දන්නෙහිය. අත් හරින්න බැරි පාපයක්, දෙවියන්වහන්සේට ගෞරවය ගෙන නොදෙන සම්බන්ධතාවයක්, අසීරු යයි පෙනෙන දෙවියන්වහන්සේ වෙනුවෙන් කරන කාර්යයක්.

දෙවියන්වහන්සේගෙන් මග පෙන්වීම ඉල්ලන්න (2:4-5 පද). ගැටළුව විශ්ලේෂණය කරන්න (11-15 පද). උන්වහන්සේගේ මැදිහත් වීම තේරුම් ගන්න (18 පදය). ඉන්පසු ගොඩනැගීම අරඹන්න.