දිනකට දෙවරක් සෑම් තම විශ්‍රාම යාමේ ලියවිලි සොයා බලයි. ඔහු වසර තිහක් ඒ සඳහා ඉතිරි කළේය. කොටස් වෙළඳ පොල ඉහළ ගිය නිසා ඔහුට විශ්‍රාම ගිය හැකිය. කොටස් වෙළඳ පොළ පහල ගියහොත් ගැටළුවක් තිබේ. මේ බිය නිසා සෑම් තම ඉතිරි වී ඇති මුදල ගැන කණස්සලු විය.

යෙරෙමියා මෙවැනි දේ ගැන අනතුරු ඇඟවූයේය. “යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.” (11:13).

යූදාහී රූප වන්දනාව පුදුම සහගතය. දෙවියන්වහන්සේ ස්වාමින් බව ඔව්හු දැන සිටියෝය. වෙනත් දෙවිවරුන්ට ඔවුන්ට නමස්කාර කළ හැකි වූයේ කෙසේද? ඔවුන්ගේ රූප ඔවුන් තබා ගෙන සිටියෝය. ඔවුන්ගේ මතු ජීවිතයට ඔවුන්ට ස්වාමින්වහන්සේ අවශ්‍ය විය. ඊට හේතුව ඔවුන්ව මළවුන්ගෙන් නැගිටුවිය හැක්කේ සත්‍ය දෙවියන්ට පමණක් වන බැවිනි. නමුත් දැන් කරන්නේ කුමක්ද? අන්‍ය දෙවිවරුද සුවය, ධනය සහ දරුඵල පොරොන්දු වෙති. ඉදින් ඔවුන්ටද යාච්ඤා නොකරන්නේ ඇයි?

යූදාගේ රූප වන්දනාව අපටද පරීක්‍ෂාවක් බව ඔබට පෙනේද? තලෙන්ත, අධ්‍යාපනය සහ මුදල් තිබීම හොඳය. නමුත් අපි පරෙස්සම් නොවුනහොත් අපි අපගේ බලාපොරොත්තුව ඒවා මත තැබිය හැක. අපි මිය ගිය විට දෙවියන්වහන්සේ අපට අවශ්‍ය බව අපි දනිමු. දැනටද අපට ආශිර්වාද කරන්න කියා අපි උන්වහන්සේට කියමු. නමුත් අවශ්‍ය වුවහොත් කියා අපි මේ පොඩි දෙවිවරුන්ටද නැමෙන්නෙමු.

ඔබගේ විශ්වාසය කොහේද? සඟවා තබා ගෙන ඇති රූප තවමත් රූපමය. දෙවියන්වහන්සේ දී ඇති ත්‍යාග නිසා උන්වහන්සේට තුති වේවා! ඔබ ඒවා කෙරෙහි යැපෙන්නේ නැතැයි උන්වහන්සේට කියන්න. ඔබගේ ඇදහිල්ල උන්වහන්සේ මත පමණක්ම රැඳේවා!