වසර ගණනාවකට පෙර අපි කුඩා සභාවකට ගියෙමු. නමස්කාර කාලයේදී එක් ස්ත්‍රියක් සභාවේ මැදිමගේ සිටගෙන නැටීමට පටන් ගත්තාය. ටික වේලාවකින් තවත් අය ඇයට එකතු වූහ. කැරොලයින් සහ මම එකිනෙකාගේ මුහණු බලා ගතිමි. නිශ්චල එකඟතාවයක් අප වෙත විය. ඒ “මට නම් බැහැ” යන්නය. අප ගිය සභාවේ ජනවන්දනාව ඉතා ගතානුගතිකය. මෙවැනි නමස්කාර විධි අපගේ පහසු කලාපයෙන් ඉතා ඉවතට යන්නේය.

මාර්ක්ගේ කථාවේ මරියාගේ ක්‍රියාව “නාස්තියක්” නම් අපට පෙනෙන්නේ සමහරු යේසුස්වහන්සේට දක්වන ප්‍රේමයද අපව අපහසුතාවයට පත් කළ හැකි බවයි (මාර්ක් 14:1-9). මරියාගේ ආලේපනයට වසරක වැටුපක් වැය විය. එය ගෝලයන්ගේ දෝෂාරෝපණයට භාජනය වූ “අඥාන” ක්‍රියාවකි. මාර්ක් භාවිතා කරන වචනය අපහාසය සහ හාස්‍ය උද්දීපනය කරන්නේය. මරියාද සමහර විට යේසුස්වහන්සේගේ ප්‍රතිචාරය ගැන බිය වන්න ඇති. නමුත් ඇයගේ භක්තිය ගැන උන්වහන්සේ ප්‍රශංසා කර තම ගෝලයන් සමග එකඟ නොවූ සේක. සමහරු එය ප්‍රායෝගික නැතැයි දුටුවද යේසුස්වහන්සේ එය පසුපස ඇති ප්‍රේමය දුටු සේක. “ඇයට කරදර කරන්නේ මක්නිසාද? ඈ මට කළේ අලංකාර ක්‍රියාවක්ය” (6 පදය) කියා උන්වහන්සේ කී සේක.

විවිධ නමස්කාර ක්‍රම එනම් අවිධිමත්, විධිමත්, නිශ්චල, ප්‍රදර්ශණාත්මක, වුවත් ඒවා නියේජනය කරන්නේ යේසුස්වහන්සේ කෙරෙහි ඇති අවංක ප්‍රේමයේ වැගිරීමක්ය. ප්‍රේමයෙන් පිරි හදවතකින් ඒ සියලු නමස්කාරයට උන්වහන්සේ සුදුසු වේ.