එකල සෘජු පේළි සැකසීමට ට්‍රැක්ටර් රියැදුරෙකුට සෘජු දෑස් සහ ශක්තිමත් හස්තයක් අවශ්‍ය විය. එහෙත් හොඳම දෑස් වලටද සමහර විට පේළී වරදී. දිනය අවසානයේදී ශක්තිමත්ම දෑත් පවා වෙහෙසට පත්වේ. නමුත් දැන් ස්වයංක්‍රීය සුක්කානම් තිබේ. ජිී.පී.එස්. තාක්‍ෂණය නිසා සිටවීමේදී අස්වැද්දීමේදී සහ බෙහෙත් විදීමේදී අඟලේ නිවැරදිතාවයකින් එය ඉදිරියට ගෙන යා හැකිය. එය ඉතා කාර්යයක්‍ෂමය. දෑත් නිදහස්ය. විශාල ට්‍රැක්ටරයක සුක්කානම ග්‍රහණය කර ගෙන සිටිනවා වෙනුවට සැන්ඩ්විචයක් අල්ලා ගෙන සිටිනවා යයි පරිකල්පනය කරන්න. එය ඔබව ඉදිරියට ගෙන යාමට විශ්මයජනක උපකරණයකි.

යොෂියාගේ නම ඔබගේ මතකයට එනු ඇත. ඔහු සිංහාසනාරූඪ වූයේ වයස අවුරුදු 8 දීය (2 රාජාවලිය 22:1). ඔහුට වයස විසි ගණන් වලදී උත්තම පූජක හිල්කියා මාළිගාවේ තිබී “වස්වස්ථා පොත” සොයා ගත්තේය (8 පදය). ඉන්පසුව තරුණ රජුට ව්‍යවස්ථා පොත කියන ලදී. තම මුතුන් මිත්තන් දෙවියන්වහන්සේට දැක්වූ අකීකරුකම අසා ඔහු ශෝකයෙන් තම ඇඳුම් ඉරා ගෙන දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිව තිබුණු දෙය කිරීම ආරම්භ කළේය (2 පදය). ව්‍යවස්ථා පොත සෙනගව සෘජුව ගෙන යාමට උපකරණයක් විය. දකුණට හෝ වමට හැරීමක් නොවීය. කාරණා සෘජුව තබා ගැනීමට දෙවියන්වහන්සේගේ උපදෙස් උපකාරී විය.

දිනපතා අපට මග පෙන්වීමට දේව වචනයට ඉඩ හැරීම දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට අපට උපකාරී වේ. බයිබලය විශ්මිත උපකරණයකි. එය අනුගමණය කරන්නේ නම් සෘජුව ගමන් කිරීමට අපට එය උදව් වන්නේය.