දහහත් වන සියවසේ දර්ශන වාදියෙක් වූ තෝමස් හොබ්ස්ගේ ප්‍රසිද්ධ ලියවිල්ලක් වූයේ මනුෂ්‍යයාගේ ස්වභාවික තත්ත්වය “පාළු, දුප්පත්, කුහක, කෲර, කෙටි එකක් බවය. එසේම අපගේ ආවේග නිසා අපි අන් අය පරදා ප්‍රමුඛත්වය ගැනීමට යුද්ධ කරන්නෙමුව කියාය. ඒ හෙයින් නීතිය සහ සාමය රැකීමට රජයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

මනුෂ්‍යත්වය ගැන අඳුරු දැක්ම යේසුස්වහන්සේ විස්තර කළ දේවල් වැනිය. “මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නෝය” (යොහන් 10:8) යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ සේක. නමුත් බලාපොරොත්තු රහිත තත්ත්වය මැද යේසුස්වහන්සේ බලාපොරොත්තුවක් දෙන සේක. “සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය”. නමුත් ඉන්පසුව ශුභාරංචිය නම් “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය” (10 පදය) යන්නය.

ගීතාවලිය 23 හි අපගේ එඬේරාණෝ අපට දෙන ජීවිතය ගැන චිත්‍රයක් ඉදිරිපත් කරන්නේය. උන්වහන්සේ තුළ අපට “හිඟයක් නැත” (1 පදය). අපි නැවුම් වෙමු (3 පදය). උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත නැමති හරි මාර්ගයෙහි අපව ගෙන යන සේක. එසේ හෙයින් අපි අඳුරු කාලවලට මුහුණ දුන්නත් උන්වහන්සේ අපව සනසන්න සිටින නිසා භිය වීමට හේතුවක් නැත (3-4 පද). කරදර මධ්‍යයෙහි ජයග්‍රාහී වන්න උන්වහන්සේ අපට උපකාර කරන සේක. ආශිර්වාදයන්ගෙන් පූර්ණ කරන සේක (5 පදය). උන්වහන්සේගේ යහපත්කමත් ප්‍රේමයත් සැමදා අප පසුපස එන්නේය. අපට උන්වහන්සේගේ අභිමුඛය නැමති වරප්‍රසාදය සැමදා තිබේ (6 පදය).

අපි එඬේරාණන්ගේ කැඳවීමට පිළිතුරු දෙමු. උන්වහන්සේ අපට දීමට පැමිණි පූර්ණ අධික ජීවනය අත්දකිමු.