ලෙලා පිළිකාවකින් මිය යමින් සිටියාය. ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙනෙක් තම භාර්යයාවට දුක් විඳින්න දෙන්නේ මන්ද කියා ඇගේ ස්වාමිපුරුෂයා වන තිමතිට තේරුම් ගත නොහැකි විය. ඇය බයිබල් ගුරුවරියක් සහ උපදේශිකාවක් ලෙස බොහෝ අයට සේවය කරතිබුණි. “මෙය සිදුවන්න ඉඩ හැරියේ ඇයි?” ඔහු හැඬුවේය. එසේ වූවත් තිමති දෙවියන්වහන්සේ සමග තම ගමන විශ්වාසවන්තව ගෙන ගියේය.

“ඔබ තවමත් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි?” කියා මම අවංකවම ඇසුවෙමි. “ඔබ උන්වහන්සේගෙන් හැරී නොයාමට හේතුව කුමක්ද?”

“මීට පෙර සිදුවූ දේවල්” යයි තිමති කීවේය. දැන් ඔහුට දෙවියන්වහන්සේ නොපෙණුනද දෙවියන්වහන්සේ ඔහුට උපකාර කර ආරක්‍ෂා කළ ස්ථාන ඔහු සිහිපත් කර ගත්තේය. ඔහුගේ පවුලට උපකාර කරමින් දෙවියන්වහන්සේ ඉන්නා බවට ඒවා සාක්‍ෂිය. “මම දන්නවා මම විශ්වාස කරන දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ක්‍රමයට ක්‍රියා කරාවි කියා” යනුවෙන් ඔහු පැවසීය.

යෙසායා 8:17 හි යෙසායාගේ විශ්වාසයේ ප්‍රකාශයේ තිමතිගේ වචන වල දෝංකාර දෙන්නේය. තම සෙනග සතුරන්ගේ විරුද්ධකම්වලට මුහුණ දීමට ළංව සිටිද්දී දෙවියන්වහන්සේගේ අභිමුඛය ඔවුන්ට නොවැටහුණද යෙසායා දෙවියන්වහන්සේ ගැන බලා සිටියේය. දෙවියන්වහන්සේ තම අඛණ්ඩ අභිමුඛය ගැන දී තිබූ ලකුණු නිසා ඔහු දෙවියන්වහන්සේව විශ්වාස කළේය (18 පදය).

අපගේ කරදරවලදී දෙවියන්වහන්සේ අප සමග නැතැයි අපට සිතිය හැකිය. උන්වහන්සේ අපගේ ජීවිතයේ අතීතයේ සහ වර්තමානයේ කරන දේවල් ගැන අප යැපෙන්නේ එවිටය. නොපෙනෙන දෙවි කෙනෙකු ගැන පෙනෙන දේවල් ඒවාය. ඒ දෙවියන්වහන්සේ අප සමග සෑම විටම සිටින එසේම උන්වහන්සේගේ ක්‍රමයට සහ වේලාවට උත්තර දෙන දෙවියන්වහන්සේය.