කෙල්සි ගුවන් යානයේ මැදි මාවතේ මාස එකොළහක් වයසැති තම දියණියද ඇයට සවිකර තිබූ ඔක්සිජන් උපකරණයද සමග අසීරුවෙන් ගමන් කළාය. දියණියට වැළඳී තිබූ තදබල පෙනහළු අමාරුවට බෙහෙත් ගැනීමට ඔවුන් යමින් සිටියහ. ඇය එක් ආසනයක වාඩිවී සිටින විට ගුවන් සේවිකාවක් කෙල්සි අසළට පැමිණ පැවසුවේ පළමු පංතියේ මගියෙකු තම ආසනය ඇයට දීමට කැමති බවයි. කෘතඥතාවයේ කඳුළු ඇයගේ කම්මුල් දිගේ ගලා ගියේය. කෙල්සි ඉඩකඩ තිබු ආසනයට සෙමෙන් සෙමෙන් ගියාය. ඇයට තම ආසනය පිරිනැමූ අමුත්තා ඇයගේ ආසනය වෙත පිය නැගීය.

කෙල්සිට ආසනය දුන් තැනැත්තා පාවුල්, තිමෝතිට ලියූ ලිපියේ සඳහන් කළ කරුණාවන්ත ත්‍යාගශීලිත්වය පෙන්නුම් කළේය. පාවුල් තිමෝති යටතේ සිටි අයට පවසන්න යැයි උපදෙස් දුන්නේ “යහපත කරන්ටත් උතුම් ක්‍රියා වලින් ධනවත් වෙන්ටත් ත්‍යාගශීලිව බෙදා දීමට ලැදිව සිටින” (1 තිමෝති 6:18) ලෙසටත්ය. අහංකාරවී අපගේ බලාපොරොත්තුව මේ ලෝකයේ දේවල් මත දැමීමේ පරීක්‍ෂාවක් තිබේ. ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ අප ත්‍යාගශීලිත්වයේ සහ අන් අය වෙනුවෙන් ගත කරන ජීවිතයක් ගෙවන ලෙසටය. ඒ කෙල්සිගේ ගුවන් යානයේ 2D ආසනයේ සිටි මනුෂ්‍යයා මෙන් යහපත් ක්‍රියා වලින් ධනවත් වීමටය.

අපට බොහෝ දේවල් තිබුණත් අඩුපාඩු තිබුණත් ජීවත්වීමේ ධනවත්කම අන් අය සමග ත්‍යාගශීලිව බෙදා ගැනීමෙන් අත් විඳිය හැකිය. අප එසේ කරන විට පාවුල් කියන්නාක් මෙන් “සැබවින් ජීවනය වූ ඒ ජීවිතය” අපි අල්ලා ගන්නෙමු (19 පදය).