මාගේ මිතුරිය වන මැඩලීන් තම දරුවන් සහ මුණුපුරු මිණිපිරියන් ගැන යාච්ඤා කරන්නේ ඔවුන්ට සදාකාලික ඇස් ලැබෙන්න කියාය. ඇයගේ පවුලේ අය අර්බුදකාරී කාලයකින් ගියේය. එහි අවසානය ඇගේ එක් දියණියක් මරණයට පත්වීමය. කුරිරු මරණයෙන් පවුල ශෝකවන විට මැඩලීන්ට අවශ්‍ය ලෝකයේ වේදනාවට හසු නොවී ඔවුන් අඩුවෙන් ළඟ බලා වැඩියෙන් ඈත බැලීමය. එනම් අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුවෙන් පිරීමටය.

අපෝස්තලු පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන් තමන්ට පීඩා කරන්නන් සහ ඔවුන්ව අවමානයට පත් කළ ඇදහිලිවතුන්ගේ දෑත්වල පීඩාවට හසුවූහ. එහෙත් ඔවුන් තම දෑස් සදාකාලය වෙත තබා ගෙන සිටියෝය. පාවුල් නිර්භීතව පිළිගන්නේ අපි “මොහොතකට පවතින….පෙනෙන දේ නොව නොපෙනෙන දේ” බලා සිටින බවත් “නොපෙනෙන දේ සදාකාලික” (2 කොරින්ති 4:18) බවත්ය.

ඔවුන් දෙවියන්වහන්සේගේ සේවය කළද ඔවුන් ජීවත් වූයේ “සෑම අතින්ම මඩිනු ලැබ” වියවුල්ව… ලුහු බඳිනු ලැබීම ඇතිවය (8-9 පද). දෙවියන්වහන්සේ එම කරදරවලින් ඔවුන්ව නිදහස් කළ යුතුයි නේද? එහෙත් කලකිරීම වෙනුවට පාවුල් තම බලාපොරොත්තුව තාවකාලික කරදරවලට ඉහළින් තිබෙන සදාකාල මහිමය මත ගොඩ නැගීය (17 පදය). දෙවියන්වහන්සේගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වන බව ඔහු දැන සිටියේය. එසේම “ස්වාමිවූ යේසුස්වහන්සේව මරණින් නැගිටෙවු තැනන්වහන්සේ යේසුස්වහන්සේ සමග අපවද නැගිටුවන බව” (14 පදය) ඔහු දැන සිටියේය.

අප අවට ලෝකය සෙළවෙන බව දැනෙන විට අපගේ ඇස් කිසිදා විනාශ නොවන පර්වතය වන දෙවියන්වහන්සේ වෙත යොමු කරමු.