තරුණයා තම කණ්ඩායමේ නායකයා විය. වෘතිමය ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූයේ අහිංසක රැවුළවත් හරියට වැඩී නැති දරුවෙකි. ඔහුගේ පළමු මාධ්‍ය සාකච්ඡාව අසාර්ථක එකක් විය. ඔහු සෑම ප්‍රශ්නයක්ම තම පුහුණුකරු සහ කණ්ඩායමට භාර කළේය. ඔහු ඉඳහිට පැවසුවේ තමාගේ රාජකාරිය ඉටු කිරීමට තමා බලාපොරොත්තු වන බවය. එම වසරේ කණ්ඩායම සාර්ථක නොවීය. එය අවසන් වන විට නායකයා මාරු කරනු ලැබීය. ඔහුට දී තිබූ අධිකාරිත්වය ඔහු ග්‍රහණය නොකළේය. එසේත් නැතිනම් ඔහු එය තමාට කළ හැකි බව විශ්වාස නොකළේය.

තම පරාජයන් නිසා සාවුල් තමා “සුළු කෙනෙකැයි” (1 සාමුවෙල් 15:17) සිතීය. ඔහු උස පුද්ගලයෙක් නිසා එය හාස්‍යයට කාරණයකි. ඔහුගේ උරහිස් සහ හිස අන් අයට වඩා උස් විය (9:2). නමුත් ඔහු එලෙස තමා දෙස බැලුවේ නැත. එම පරිච්ඡේදයේ ඔහුගේ හැසිරීම පෙන්වන්නේ ඔහු ජනතාවගේ අනුමැතිය ලබා ගැනිමට උත්සාහ කළ කෙනෙකු ලෙසය. ජනතාව නොව දෙවියන්වහන්සේ ඔහුව තෝරා ගෙන ඔහුට මෙම දුතනය දුන් බව ඔහු සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගෙන නොතිබුණි.

කෙසේ වෙතත් සාවුල්ගේ වැරැද්ද සැම මනුෂ්‍යයෙකුගේම පරාජයේ චිත්‍රයකි. උන්වහන්සේගේ පාලනය පෙන්නුම් කිරීමට අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බව අපට මග හැරේ. අවසානයේ උන්වහන්සේ දුන් අධිකාරීත්වය අපි වැරදියට භාවිතා කර ලොව පුරා විනාශය පතුරුවන්නෙමු. එය නිවැරදි කිරීමට නම් අප දෙවියන්වහන්සේ වෙත හැරීම අවශ්‍ය වන්නේය. පියාණන්ගේ ප්‍රේමයෙන් අපව නිර්වචනය කිරීමටද උන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් පූර්ණ කිරීමටද ඉඩ දිය යුතු වෙමු. අපව ලෝකයට යැවීමට යේසුස්වහන්සේට භාර විය යුතු වෙමු.