වර්ජිනියා ඇට්ලැන්ටා මෝර්හවුස් විශ්ව විද්‍යාලය වෙතට 2019 උපාධි ප්‍රධානෝත්සවයට පැමිණි අයගේ ප්‍රතිචාරය පෙන්විය හැකි එක වචනයක් නම් “තුෂ්ණිම්භූත විය” යන්නයි. ආරම්භක දේශක දැන්වූයේ ඔහු සහ ඔහුගේ පවුලේ අය උපාධි පංතියේ සිසුන්ගේ සමස්ථ ණය ප්‍රමාණය මකා දැමීම සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කරන බවයි. එක් සිසුවෙක්ගේ ණය ඩොලර් ලක්‍ෂයක් විය. ඔහුගේ සතුට ඔහුට දරා ගත නොහැකි විය. සියල්ලෝ තම සතුට කඳුළින් සහ ශබ්ද නැගීමෙන් පළ කළහ.

අප සෑම දෙනෙක්ම යම් ක්‍රමයකට ණය අත් විඳ ඇත්තෙමු. නිවාස, වාහන, අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම් හෝ අන් දේවලට අප ණයවී සිටිමු. එසේම “ගෙවා ඇත” යන මුද්‍රාව දුටු විට අප ලද පුදුමාකාර නිදහසද අපි දන්නෙමු.

යේසුස්වහන්සේ “විශ්වාසවන්ත සාක්‍ෂිකරු”, “මරණයෙන් උත්ථානවූ කුළුඳුලා” සහ “පෘථිවියේ රජු ලෙස ප්‍රකාශ කර යොහන් නමස්කාර පූර්වකව අපට පවසන්නේ උන්වහන්සේගේ ණය මකා දැමීමේ ක්‍රියාවයි. අපට ප්‍රේම කරන්නාවූ තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අපව මිදුවාවූ (එළිදරව් 1:5) කියා යේසුස්වහන්සේ ගැන ඔහු ප්‍රකාශ කරයි. එම වාක්‍ය සරලය. නමුත් අති ගැඹුරුය. මෝර්හවුස් උපාධි පංතිය ලද පණිවුඩයට වඩා යේසුස්වහන්සේගේ මරණය නැමැති යහපත් ආරංචිය විශාලය (කුරුසියේ උන්වහන්සේගේ රුධිරය හැලීම). එය දඬුවමට සුදුසු පව්කාර ආකල්ප, පව්කාර ආශා සහ ක්‍රියාවලින් අපව නිදහස් කරයි. එම ණය ගෙවා ඇති නිසා යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට සමාව ලැබී ඔවුන් දේව රාජ්‍යය පවුලේ සාමාජිකයන් බවට පත්වෙති (6 පදය). මෙම යහපත් ආරංචිය ආරංචිවලින් හොඳම ආරංචිය වේ.