ශුද්ධ ඕක් ගස උදුරා ඉවත් කිරීමට පෙර අවුරුදු 600 ක් පමණ තිබුණේ නිව් ජර්සිහි බාස්කින් රිජ් ප්‍රෙස්බිටේරියන් සභාව අසළය. එහි හොඳම කාලයෙහි ගසේ අතු ඉහළට සහ පහළට විහිදී තිබුණි. ශීත සුළං නිසා එහි හරිත පත්‍ර සහ කරල් එහේ මෙහේ පැද්දුණි. සුළඟින් ඇතිවන අවකාශ තුළින් හිරු එළිය පතිත විය. මුදුනට යටින් දීප්තිමත්ව නර්ථනයේ යෙදෙන ආලෝක ධාරා හොඳින් දිස් වුනි. කෙසේ වෙතත් සත්‍ය තේජස තිබුණේ පොළොව යටය. එහි මුල් පද්ධතියේය. ඕක් ගසේ මුල සෘජුව පහළට කිඳා තිබුණි. හරස් අතට විශාල මුල් ගොන්නක් විහිදී ගසේ ජීවිත කාලයට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය ලබා දුන්නේය. සංකීර්ණ මුල් පද්ධතිය ගසට වඩා විශාල ලෙස වැඬේ. කඳ සෘජුව තබන්නේ සහ ගසට ජීවනය දෙන්නේ මුල් පද්ධතියයි.

ශ්‍රේෂ්ඨ ඕක් ගස මෙන් අපගේ ජීවන වර්ධනය ඇත්තේද මතුපිට නොවේ. තම ගෝලයන්ට වපුරන්නාගේ උපමාව යේසුස්වහන්සේ විස්තර කරමින් උන්වහන්සේ පෙන්නුම් කළේ පියාණන් සමග පුද්ගලික සම්බන්ධතාවයක ස්ථීරව රෝපණය වී සිටීමේ වැදගත්කමය. බයිබලයේ සඳහන් ලෙස දෙවියන්වහන්සේව අප දැන ගන්නා විටත් අප ස්ථීර වේ. දෙවියන්වහන්සේ තම ගෝලයන්ට වෙනස්වන වටාපිටාව, පරීක්‍ෂාවන්, පීඩා සහ කණස්සල්ල තුළින් යාමට සෑම විටම උපකාර කළ සේක (මතෙව් 13:18-23).

අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් අපගේ සිත් පෝෂණය කරන සේක. උන්වහන්සේගේ ආත්මය අපගේ චරිතය වර්ධනය කරන කල්හි අප අවට සිටින ජනතාවට අපගේ ගැඹුරට මුල් බැස ඇති ඇදහිල්ල පෙන්වන්න උන්වහන්සේ සළස්වන සේක.