මාගේ දියණිය නැන්සි ඩෲට වියරු වැටී සිටින්නිය. පසුගිය සති තුනේදී එම ඔත්තුකාර තරුණිය ගැන නවකථා දුසිමක් පමණ ඇය කියෙව්වාය. ඇය අවංකවම රහස් පරීක්‍ෂක කථා වලට කැමතිය. මමද නැන්සි ඩෲට කැමැත්තෙන් සිටියෙමි. මාගේ මව විසින් 1960 ගණන් වල කියවන ලද නිල් පාට කවර වලින් යුක්ත පිටපත් මාගේ මවගේ නිවසේ රාක්කයේ තවමත් පෙළට තබා තිබේ.

මේ ආශාව පරම්පරාවෙන් පරම්පරාවට යන බව දකින විට ඊළඟ පරම්පරාවට එලෙස මා දී ඇත්තේ තව මොනවාදැයි මම කල්පනා කළෙමි. තිමෝතිට ලියන ලද දෙවන ලිපියේ පාවුල් ලියන්නේ තිමෝතිගේ ආච්චීගේ සහ අම්මාගේ “විශ්වාසවන්ත ඇදහිල්ල” සිහිපත් වන බවයි. රහස් පරීක්‍ෂක කථා වලට ඇති ආශාව මෙන්ම ඇදහිල්ලද මාගේ දියණියට උරුම වනු ඇතැයි මම කල්පනා කරන්නෙමි. ඇයගේ මුතුන් මිත්තන් කළ ලෙස ඇයද ඇදහිල්ල තබා ගනු ඇතැයි මම කල්පනා කරමි. ඇය යාච්ඤා කරනු ඇතැයිද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ජීවන පොරොනේදුව ග්‍රහණය කර ගනු ඇතැයිද මම කල්පනා කරන්නෙමි (2 තිමෝති 1:1).

එසේම යේසුස්වහන්සේ ගැන නොදන්නා දෙමව්පියන් හෝ ආච්චීලා සීයලා නැති අය ගැනද මම බලාපොරොත්තුවක් දකින්නෙමි. තිමෝතිගේ පියා ගැන සඳහනක් නැති වූවත් පාවුල් තිමෝතිට තම ආදරණීය පුත්‍රයා යැයි ආමන්ත්‍රණය කරයි (2 පදය). ඇදහිල්ල භාර කිරීමට පවුල් නැති අයට සභාවේදී දෙමව්පියන් සොයා ගත හැකිය. ඒ “ශුද්ධ ජීවිතයක්” (9 පදය) ගත කිරීමටද බලයෙත්, ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මය අල්ලා ගැනිමටද අපට උගන්වන අයයි (7 පදය). ඇත්තෙන්ම අපට සත්‍ය උරුමයක් ඇත්තේය.