ඇයගේ ද්‍රෘෂ්ටි පටල අලුත්වැඩියා කළ නොහැකි බව වෛද්‍යවරු කීහ. නමුත් පෙනීම නැතිව වසර පහලොවක් සිට බ්‍රේල් ඉගෙන ගෙන සුදු සැරයටියක් සහ උපකාරයට බල්ලෙක්ද යොදා ගත් පසු මොන්ටානා කාන්තාවගේ ජීවිතය ඇගේ ස්වාමිපුරුෂයා වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් ඇසු සරළ ප්‍රශ්නයක් නිසා වෙනස් විය. ඇයට උපකාර කළ හැකිද? පිළිතුර “ඔව්” විය. වෛද්‍යවරයා සොයා ගත් පරිදි කාන්තාවට තිබුණේ ඇසේ සුද මතු වීමේ සාමාන්‍ය තත්ත්වයකි. දකුණු ඇසේ සුද ඉවත් කළ විට ඇයගේ පෙනීම 20/20 ක් විය. වම් ඇසටද කළ ශල්‍ය කර්මය සාර්ථක එකක් විය.

නාමන්ගේ ජීවිතයද සරළ ප්‍රශ්නයකින් වෙනස් විය. නාමන් ලාදුරු රෝගය තිබුණු බලවත් හමුදාපතියෙකි. නාමන් එලිෂාගේ උපදෙස්වලට එනම් “නුඹ ගොස් යොර්දාන් නදියේ හත්වරක් ගිලෙන්න. එවිට නුඹේ සම සුව වේ” යන්නට අහංකාරයෙන් ප්‍රතිචාර දැක්වීය (2 රාජාවලිය 5:10). නාමන්ගේ සේවකයෝ හමුදා නායකයාගෙන් සරළ ප්‍රශ්නයක් ඇසුවෝය. ඒ “අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද?” (13 පදය) යන්නය. ඉන් පියවි සිහියට පැමිණි නාමන් දියේ ගිලුණේය. ඔහුගේ “මාංසය … හරි ගැසී ඔහු පවිත්‍ර වුණේය” (14 පදය).

අපගේ ජීවිතවල කරදර ගැන සමහර විට අප අරගල කරන්නේ අපි දෙවියන්වහන්සේගෙන් අසන්නේ නැති නිසාය. “ඔබවහන්සේ මට උපකාර කරනවාද? මම යන්නද? ඔබවහන්සේ මට මගපෙන්වනවාද?”. අපට උපකාර කිරීමට උන්වහන්සේට සංකීර්ණ ප්‍රශ්න අවශ්‍ය නැත. “ඔවුන් යාච්ඤා කරන්ට පෙර මම උත්තර දෙන්නෙමි” (යෙසායා 65:24). එමනිසා අද උන්වහන්සේගෙන් ඉල්ලන්න.