“වමේ සිටින ඔක්කෝම ඉස්සරහට හබල් පාරවල් තුනක් තදින් ගසන්න”. අපගේ ක්‍රීඩා ඔරුවේ නායකයා අපට කීවේය. වමේ සිටි අය තදින් හබල් ගැසුවෝය. කැරකෙන ජල සුලියෙන් ඔරුව ඉවතට ගියේය. පැය කිහිපයකට පසු නායකයාගේ හඬට කීකරු වීමේ වැදගත්කම අපට වැටහුණි. ඔහුගේ ස්ථීර හඬ නිසා අත්දැකීම් නැති හය දෙනෙකු බුර බුරා ගලන නදිය තුළින් ආරක්‍ෂිතව ගමන අවසන් කළෝය.

ජීවිතයේද බුර බුරා එන ජල ප්‍රහාරවලට අපි මුහුණ දෙමු. එක් මොහොතකදී අලංකාර ලෙස අපි පාවෙමු. හදිසියේම ඉදිරියට එන ජල පහර වලින් වැළකීමට අපි වියරුවෙන් හබල් ගසමු. ඒ අවස්ථාවලදී නිපුණ නායකයෙක්ගේ මග පෙන්වීමද කර්කෂ කාලවලින් ගමන් කිරීමට විශ්වාස කළ හැකි කට හඬක්ද අපට අවශ්‍ය වේ.

ගීතාවලිය 32 හි ඒ හඬ වීමට දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. “ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි” (8 පදය). ඊට පෙර පදය අපි දකින්නේ අපගේ පාප කියා දීමද (5 පදය) සහ යාච්ඤාවෙන් උන්වහන්සේ සෙවීමද (6 පදය) උන්වහන්සේගේ හඬ ඇසීමට උපකාර වන බවය.
“මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි” (8 පදය) යන්නෙන් වන උන්වහන්සේගේ පොරොන්දුව මට සහනයක් ගෙන දෙන්නේය. එය මතක් කරන්නේ උන්වහන්සේගේ මග පෙන්වීම ගලා එන්නේ උන්වහන්සේගේ ප්‍රේමයෙන් යන්නය. පරිච්ඡේදය අවසානයට ළංවී ගීතිකාකරු පවසන්නේ “ස්වාමින් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වට කරනු ලබන්නේය” (10 පදය) යනුවෙනි. අපගේ විශ්වාසය උන්වහන්සේ මත තබන විට පර්වත ඇති මාවත් තුළින් අප ගෙන යාමට උන්වහන්සේ දී ඇති පොරොන්දු අපට විශ්වාස කළ හැකිය.