Archives: ජූලි 2020

ලැබී ඇති මොහොත අගය කරන්න

සූ ෂී යන නමින්ද හඳුන්වනු ලබන සූ ඩොංපෝ චීනයේ සිටි ශ්‍රේෂ්ඨතම කවියෙක් හා ලේඛකයෙක්ය. ඔහු විප්‍රවාසයේ සිටින දිනක පූර්ණ චන්ද්‍රයා දෙස බලා ඔහුට තම සහෝදරයා නැති පාළුව කෙතරම් දැනෙන්නේදැයි කියා මෙසේ ලිවීය. “අපි සතුටුවෙමු. දුක් වෙමු. එකතු වෙමු. වෙන්වෙමු. සඳ එක් දිනක විශාල වේ. අනික් දින සංකෝචණය වේ. එදා සිටම කිසිම දෙයක් සම්පූර්ණ නැත”. ඔහු තවදුරටත් ලියන්නේ “අපගේ ප්‍රියයන් දිගුකල්…

මෝඩයෙකු වීම

බයිබල් විදුහලක පනස්වන සංවත්සරයේදී ගුරු මණ්ඩලය, සිසුන් සහ මිතුරන් ඇමතූ දිනය මා ඉතාමත් ලැජ්ජාවට පත්වූ දිනය වේ. මාගේ දේශනා සටහන් අතැතිව ධර්මාශනය වෙත මම ගියෙමි. මම රැස්ව සිටි විශාල සෙනග දෙස බැලීමි. නමුත් මාගේ ඇස් යොමු වූයේ ඉදිරියෙහි අසුන් ගෙන සිටි විද්වත් කණ්ඩායම වෙතය. ඔව්හු තම උපාධි ලෝගුද ඇඳ පැළඳ ගෙන බැරෑරුම් බැල්මක් හෙලා ගෙන සිටියහ. මා පියවි සිහියෙන් ඉවතට…

ඉහළ බලන්න!

චිත්‍රපට නිෂ්පාදක විලී ඕවර්ස්ට්‍රීට් තම බලවත් දුරදක්නයෙන් සඳෙහි සත්‍ය ඡායාරූප පෙන්වූ විට සමීප දර්ශන වලින් ඔව්හු මවිත වූවෝය. ඔව්හු මිමිණීම් සහ විශ්මපත් ශබ්දවලින් ප්‍රතිචාර දැක්වූහ. “අපට වඩා කිසියම් විශාල දෙයක් ඇතැයි යන පුදුම හැඟීමක් අපට ඇති කරයි” කියා ඕවර්ස්ට්‍රීට් තේරුම් කරන්නේය.

ගීතිකාකරු වන දාවිත්ද දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ආලෝකය දැක විශ්මයට පත්විය. “ස්වකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටෙවු සඳ…

එක්සත්කමින් වෙන්වී

ටිම් සමග හවුල් ව්‍යාපෘතියක් කිරීමට ඇල්වින්ට සිදුවිය. එය ඔහුට විශාල අභියෝගයක් විය. ඔහු සහ ටිම් එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන විවිධ මත දැරුවෝය. ඔවුන් එකිනෙකා අනික් කෙනාගේ මතයට ගරු කළද ඔවුන්ගේ එළඹුම් බොහෝ වෙනස් විය. ගැටුම මග හැරිය යුතු යයි දෙදෙනාටම සිතුණි. ගැටුම මතුවීමට පෙර දෙදෙනා තම නායකයා සමග ඔවුන්ගේ වෙනස් මත කථා කර ගැනීමට තීරණය කළෝය. ඔහු ඔවුන්ව වෙනස්…

වෛවර්ණ පෙරහැර

දශක ගණනාවකම සිට ලන්ඩනය ලෝකයේ ජාතීන් සම්මිශ්‍රණය වූ නගරයක්ව පවතී. 1933 දී ලේඛක ග්ලින් රොබර්ට්ස් එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අගනුවර ගැන ලීවේ “මා සිතන ලෙස ලන්ඩනයේ හොඳම දෙය ජාතීන්, වර්ණ සහ භාෂාවන්ය” යනුවෙනි. එම නගරයේ අදද මිශ්‍ර සුගන්ධය, ශබ්ද සහ ගෝලීය සමූහනයේ දර්ශන දක්නට තිබේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ නගරවලින් එකක ඇති විශ්මිත ආකර්ශණය නම් විවිධත්වයේ අලංකාරයයි.

මනුෂ්‍යයන් සිටින ඕනෑම නගරයක් මෙන් ලන්ඩනයද ප්‍රශ්න…