මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ජීවත් වන්නේ සැතපුම් 1200 ක් පමණ එහායින් කොලරාඩෝ කඳු වැටියේය. දුර ප්‍රමාණය කෙසේ වෙතත් ජෙරිට්ස් සෑම විටම අපගේ පවුලේ ප්‍රේමණීය සාමාජිකයා වූයේ ඔහුගේ හාස්‍යය සහ දයාවන්ත හදවත නිසාය. මට මතක ඇති කාලයක සිට ඔහුගේ සහෝදරයෝ ඔහු මවගේ ප්‍රේමණිය පුත්‍රයා වීම ගැන සතුටින් විහිළු කරති. වසර කිහිපයකට පෙර “අම්මාගේ කැමතිම පුතා” කියා ටී ෂර්ට් එකක්ද තෑගි දුන්නෝය. අපගේ සහෘදයන්ගේ වැඩ ගැන අපි විනෝද වුවත් සත්‍ය පක්‍ෂපාතිත්වය නම් විහිළුවක් නොවේ.

තම පුතු වූ යෝසෙප්ට පාට පාට කබායක් දුන් යාකොබ් ගැන අපි උත්පත්ති 37 හි කියවමු. ඉන් කියැවුනේ යෝසෙප් විශේෂ බව ඔහුගේ අනෙක් දරුවන්ට දැනුම් දීමයි (3 පදය). කබායේ පණිවුඩය කෑ ගසා ප්‍රකාශ කළේ “යෝසෙප් මම කැමතිම පුතා” කියාය.

කෙනෙකුට වැඩියෙන් ප්‍රේම කිරීම පවුල අකර්මණ්‍ය කරන්නේය. යාකොබ්ගේ මව වන රෙබෙකා තම අනෙක් පුත්‍රයා වන ඒසව්ට වඩා යාකොබ්ට ප්‍රේම කළාය. එය සහෝදරයන් අතර ගැටුමක් මතු කළේය (25:28). මේ කාරණය නැවත ඉස්මතු වූයේ යාකොබ් යෝසෙප්ගේ මව වන රාඛෙල්ට ඔහුගේ අනිත් බිරිඳ වන ලෙයාට වඩා ප්‍රේම කළ විටය. ඉන් සිත් බිඳීම සහ වියවුල ඉස්මතු විය (29:30-31). අනිවාර්යයෙන්ම මේ ක්‍රමය යෝසෙප්ගේ සහෝදරයන්ට තම බාල සහෝදරයාවූ යෝසෙප්ව එපාකර ඔහුව මැරීමට සැලසුම් කිරීමට හේතු වූයේය (37:18).

අපගේ සම්බන්ධතාවලදී සමහරුන්ට වැඩියෙන් ප්‍රේම නොකර සිටීම අසීරු වේ. නමුත් අපගේ ඉලක්කය විය යුත්තේ පක්‍ෂපාතී නොවී සැමටම එක ලෙස සැළකීම සහ අපගේ පියාණන්වහන්සේ අපට ප්‍රේමකරන්නාක් මෙන් අපගේ ජීවිතයේ සිටින සෑම කෙනෙක්ටම ප්‍රේම කිරීමයි.