“අත හරින්න එපා”, “කෙනෙක්ට සිනහවක් ගෙනෙන්න හේතුවක් වෙන්න”, “ඔබ විශ්මිතයි”, “ඔබ පැමිණී තැන නොව ඔබ යන තැන වැදගත් වේ”. වර්ජිනායා වෙරළෙහි සමහර සිසුන්ගේ කෑම ශාලාවේ තිබූ කෙසෙල් ගෙඩිවල එසේ ලියා තිබුණි. ආපන ශාලා කළමණාකාරිනිය වන ස්ටේසි ටෲමන් එම සටහන් පළතුරු වල ලිවීමට කාලය ගත්තාය. දරුවෝ ඒවාට “කථාකරන කෙසෙල්” යයි නම් තැබුවෝය.

සැළකීමේ එම සේවය ආත්මික යෞවනයන් හට බාර්නබස් තුළ තිබූ හදවත මතක් කරන්නේය. ඒ පුරාණ අන්තියෝකියේය (ක්‍රියා 11:22-24). අන් අයව දිරිමත් කිරීමේ හැකියාව නිසා බාර්නබස් ප්‍රසිද්ධ විය. යහපත් අයෙක් මෙන්ම ඇදහිල්ලෙන් සහ ශුද්ධාත්මයෙන් පිරුණු මනුෂ්‍යයෙක් ලෙස ඔහු ප්‍රසිද්ධ විය. ඔහු අලුත් ඇදහිලිවතුන්ව දිරිමත් කළේ “ස්වාමින්වහන්සේ කෙරෙහි ස්ථීර සිතින් ඇලුම්ව සිටින්න” කියාය (23 පදය). උපකාර අවශ්‍ය අය සමග ඔහු සිටි බව මට කල්පනා වේ. “යාච්ඤා කරන්න”, “ස්වාමීන්වහන්සේව විශ්වාස කරන්න”, ”ජීවිතය අසීරුවන විට ස්වාමීන්වහන්සේට ළංව ඉන්න” කියා ඔහු කියන්න ඇති.

දරුවන් මෙන් වූ අලුත් ඇදහිලිවතුන්ටද බොහෝ දිරිමත් කිරීම් අවශ්‍ය වේ. ඔවුන්ට බොහෝ හැකියාවන් තිබේ. ඔවුන්ට හැකි දේවල් ඔවුහු සොයා ගනිති. ඔවුන් තුළ සහ ඔවුන් තුළින් දෙවියන්වහන්සේ කිරීමට බලාපොරොත්තු වන දේ ඔවුන් දන්නේ නැත. ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය නොවී තබා ගැනීමට බොහෝ විට සතුරා අතිකාල වැඩ කරන්නේය.

සෑහෙන කාලයක් යේසුස්වහන්සේ සමග ගමන් කර ඇති අපි එසේ කිරීම කෙතරම් අපහසුදැයි තේරුම් ගෙන ඇත. දෙවියන්වහන්සේගේ ආත්මය මග පෙන්වා ආත්මික සත්‍යයන් අපට මතක් කරන විට ධෛර්යය ලබා ගැනීමටද අන් අයට ලබා දීමටද අපට හැකියාව ලැබේවා!