අපි පුස්තකාලයේ සිටින විට ගිනිදැල් නගිනවා අපි දුටුවෙමු. ඇය බියවී සිටියාය. ඇගේ කටහඬ බිය ඉස්මතු කරයි. ඇගේ කටහඬ අපි හඳුනමු. ඒ අපගේ දියණියගේය. එසේම ඇයටත් ඇගේ විශ්ව විද්‍යාල සිසුන් 3000 ටත් ආරක්‍ෂිතම ස්ථානය එය බව අපි දනිමු. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස 2018 දී වුල්සි ගින්න පැතුරුණි. ගිනි නිවන භටයන්ද එසේ බලාපොරොත්තු නොවුනි. අක්කර 97000 ක් සහ ගොඩනැගිලි 1600 ක්ද මරණ තුනක් ඇති කිරීමටද කැලිෆෝර්නියා කුහරයේ වියළි කාලගුණයටද කුප්‍රකට ශාන්ත ආනා සුළං වලටද අවශ්‍ය වූයේ ගිනි පුපුරු කිහිපයක් පමණී. ගින්න නිවුණු පසුව ගන්නා ලද ඡායාරූප වල සාමාන්‍යයෙන් හරිත වර්ණ වූ වෙරළ බඩ ප්‍රදේශය සඳේ මතුපිට මෙන් දිස්වුනි.

යාකොබ් පොතෙහි කුඩා නමුත් බලවත් කාරණා ගැන සඳහන් වේ. ඒ අශ්වයන්ගේ කටකලියාව, නැව්වල සුක්කානම (3:3-4) යනාදියයි. අපි මේවා දනිමු. නමුත් ඒවා අපට එතරම් අදාළ නැත. ඊළඟට ඔහු අපට සමීප දෙයක් ගැන කියයි. කුඩාය. නමුත් සෑම මිනිසෙකුටම තිබේ. ඒ දිවය. මෙම පරිච්ඡේදයේ මුලින්ම ඒ ගැන කියන්නේ ගුරුවරුන්ට වුවද (1 පදය) එය ඉක්මණින්ම අප සියලු දෙනා වෙතටම ව්‍යාප්ත වන්නේය. දිව කුඩා වුවද එයට අපව විනාශකාරී ප්‍රතිඵල වලට ගෙන යා හැකිය.

අපගේ කුඩා දිව බලවත්ය. නමුත් අපගේ විශාල දෙවියන්වහන්සේ ඊට වඩා බලවත් වන සේක. උන්වහන්සේගේ දෛනික උපකාරය අපගේ වචන බැඳ තබා පාලනය කර ගැනීමට අවශ්‍ය බලය දෙන්නේය.