වියවුල්ව වඩා අර්ථවත් ජීවිතයක් අවශ්‍ය වී ලියොන් මූල්‍ය ආයතනයක කරමින් සිටි තම රැකියාවෙන් ඉවත් විය. එක් දිනක් යාචකයෙකු පාරක් අයිනක “කරුණාවන්තකම හොඳම ඖෂධයකි” යනුවෙන් සඳහන් ඵලකයක් අල්ලා ගෙන සිටිනු ඔහු දුටුවේය. “එම වචන මා තුළට කිඳා බැස්සා. ඒවා දිව්‍ය ප්‍රකාශවීමක් මෙන් වූවා” කියා ඔහු පවසයි.

ලියොන් තම ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමට තීරණය කළේය. ඔහු කරුණාව ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් ආරම්භ කළේය. ඔහු ලොව වටා ගමන් කරමින් ආහාර, ගෑස් සහ නවාතැන් සඳහා අමුත්තන්ගෙන් යැපුණි. ඊටපසු ඔහු ඔවුන්ට ප්‍රතිඋපකාර කරන්නේ අනාථයින්ට ආහාර දීමෙන් හෝ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසැල් ගොඩනැගිලි සාදා දීමෙනි. සමහරු එය පහත් දෙයක් ලෙසට සිතුවත් කරුණාව කැපී පෙනෙන ශක්තියක් බව ඔහු පැවසුවේය.

දෙවියන්වහන්සේ මෙන් ක්‍රිස්තුස්වහන්සේගේ හරයද වන්නේ යහපත්කමය. එම නිසා කරුණාව ගලා එන්නේ උන්වහන්සේ තුළිනි. වැන්දඹුවකගේ එකම පුත්‍රයාගේ මරණය ගෙන යන විට යේසුස්වහන්සේ කළ දෙයට මම ආශා කරමි (ලූක් 7:11-17). දුක් වෙමින් සිටි ස්ත්‍රීය ආර්ථිකව යැපෙන්න ඇත්තේ ඔහු මත වෙන්න ඇති. එයට මැදිහත් වෙන්න යැයි කව්රුන් හෝ යේසුස්වහන්සේට පැවසූ බව එම කථාවේ සඳහන් නොවේ. උන්වහන්සේගේ යහපත්කම නිසාම (13 පදය) උන්වහන්සේ ඇය ගැන සළකා ඇයගේ පුත්‍රයාව මරණින් නැගිටෙවු සේක. සෙනග ක්‍රිස්තුස්වහන්සේ ගැන පැවසුවේ “දෙවියන්වහන්සේ තම සෙනඟ දෙස බැලූ සේක” (16 පදය) කියාය.