මනෝවෛද්‍ය රොබර්ට් කෝල්ස් විසින් අන් අයට සේවය කර ජීවිතය එපාවී දැවී යන අය ගැන එක්තරා චක්‍රයක් සොයා ගත්තේය. එහි පළමු සළකුණ තෙහෙට්ටුවයි. ඊළඟට දියුණු නොවන දේවල් ගැන තිත්තකම, අසහනය, ආතතිය සහ අවසාන සළකුණ වන්නේ එපාවී දැවී යාමයි.

බිඳී ගිය සිහිනවලින් ගොඩ යෑම පිළිබඳ පොතක් ලිවීමෙන් පසු මම සම්මේලනවල දේශනා කිරීමේ කාර්ය බහුල කාලයක් ගත කළෙමි. බලාපොරොත්තු සුන්වූ පසු නැවත බලාපොරොත්තුව ලබා ගැනීමට සෙනගට උපකාර කිරීම මහත් සතුටට කාරණයකි. නමුත් එයට මිලයක් ගෙවීමට මට සිදුවිය. එක් දිනක් මා වේදිකාවට නගින විට ක්ලාන්ත වේ යැයි මට සිතුණි. මට ඒ දින කිහිපයේ නින්ද ගියේ නැත. නිවාඩු කාලයද මාගේ තෙහෙට්ටුව ඉවත් කර නොතිබුණි. තව කෙනෙකුගේ ගැටළු වලට ඇහුම්කන් දීම මා භ්‍රාන්ත කළේය. මා කෝල්ස්ගේ චක්‍රයේ ගමන් කරමින් සිටියෙමි.

දැවීයාම පරාජය කිරීමට බයිබලය උපක්‍රම දෙකක් දෙයි. යෙසායා 40 හි ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන විට අපගේ වෙහෙස වූ ආත්මය නැවුම් වේ (29:31 පද). මාගේ ශක්තිය කෙරෙහි යැපෙන්නේ නැතුව ක්‍රියා කරන ලෙසට ස්වාමින්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේ තුළ විශ්‍රාම ගත යුතු වන්නෙමි. ගීතාවලිය 103 පවසන්නේ දෙවියන්වහන්සේ යහපත් දේවලින් අප තෘප්තිමත් කර අපව නැවුම් කරන බවය (2 පදය). ඊට සමාව සහ මිදීම අඩංගු වුවද (3-4 පද) ප්‍රීතිය සහ විනෝදයද උන්වහන්සේගෙන් පැමිණෙන්නේය. මාගේ වැඩසටහන වෙනස් කර යාච්ඤාව, නිවාඩුව සහ ඡායාරූප ශිල්පය වැනි විනෝදාංශ ඇතුලත් කළෙමි. මට නැවත සුවය දැණුනි.

දැවීයාම ආරම්භ වන්නේ වෙහෙසිනි. ඊට එහාට එයට යන්නට ඉඩ නොදෙමු. අපගේ ජීවිතයේ නමස්කාරය සහ නිවාඩුව ඇති විට අප අන් අයට වඩාත් හොඳින් උපකාර කරන්නෙමු.