මට සෑම විටම තිබුණේ දේවල් එකතු කිරීමේ ආශාවකි. කුඩා අවදියේ මම මුද්දර, බේස්බෝල් චිත්‍ර සහ රූප කථා පොත් එකතු කළෙමි. පියෙක් ලෙස මා මාගේ දරුවන් තුළද දැන් එවැනි ආශාවන් දකිමි. සමහර විට මම කල්පනා කරන්නේ “ඔබට එවැනි තවත් බෝනික්කෙක් අවශ්‍යද?” කියාය.

අනිවාර්යයෙන් එය අවශ්‍යතාවය ගැන නොවේ. එය අලුත් දෙයකට ආශාව හෝ පැරණි දෙයකට ඇති ආකර්ශණය හෝ වන්නේය. නැත්නම් දුලභ දෙයකට ඇති ඇල්මකි. අපගේ සිතුවිලි ආකර්ෂණය කරන්නේ කුමක් වූවත් “X” ඇත්නම් අපගේ ජීවිතය සාර්ථක වේ යැයි විශ්වාස කිරීමට අපි පෙළඹෙන්නෙමු. අපි සතුටු වී තෘප්තියට පැමිණේයයි අපි සිතමු.

නමුත් ඒවායින් අපි තෘප්තිමත් නොවන්නෙමු. ඇයි? ඊට හේතුව දෙවියන්වහන්සේ අපව මවා ඇත්තේ උන්වහන්සේගෙන් පූර්ණ වීමටය. අපගේ ආශා පිරි හදවත් තෘප්තිමත් කිරීමට පොරොන්දු වන අප අවට තිබෙන දේවල් වලින් එසේ වන්නේ නැත.

මේ ගැටළුව අලුත් දෙයක් නොවේ. හිතෝපදේශය දෙවර්ගයක ජීවිත සංසන්දනය කරයි. වස්තුවට ආශා කරන ජීවිතයක් සහ දෙවියන්වහන්සේට ආදරය කර ත්‍යාගශීලිව අන් අයට දෙන ජීවිතයකි. “මෙසේජ්” යන ඉංග්‍රීසි බයිබලයේ ඉයුජින් පීටර්සන් හිතෝපදේශ 11:28 ලියා ඇත්තේ “ද්‍රව්‍යයන්ට ප්‍රේම කරන ජීවිතය මැරුණු ජීවිතයකි. එය ලී කොටයකි. නමුත් දෙවියන්වහන්සේ මෙන් හැඩගැසුණු ජීවිතය ඵල දරණ ගසකි” යනුවෙනි.

කෙතරම් මනහර චිත්‍රයක්ද! ජීවිත ක්‍රම දෙකකි. එකක් ඵල දරයි. ජීවමානයි. අනෙක හිස්ය. පාළුය. ලෝකය පවසන්නේ ද්‍රව්‍යමය බහුලත්වය “සාර්ථක ජීවිතයක්” කියාය. සංසන්දනාත්මකව දෙවියන්වහන්සේ ආරාධනා කරන්නේ උන්වහන්සේ තුළ මුල් බැස යහපත්කම අත්දැක ඵලදායී වීමටය. අප උන්වහන්සේ සමග සම්බන්ධතාවයෙන් හැඩ ගැසෙන විට දෙවියන්වහන්සේ අපගේ හදවත් සහ ආශා හැඩ ගසා අපව ඇතුළාන්තයේ සිට පිටතට පරිවර්තනය කරන සේක.