1939 නොවැම්බර් 27 වන දින වස්තු සොයන්නන් තුන් දෙනෙක් වීඩියෝ ශිල්පීන් වීඩියෝ කරන අතර තුර දකුණු කැලිෆෝර්නියාවේ හොලිවුඩ් බෝල් රඟහල අසළ කැණීම් කළහ. වසර හැත්තෑ පහකට පෙර රන්, රිදී සහ මුතු සහිතව කැහුන්ගා නිධානය එහි වළලා ඇතැයි කටකථා පැතිර තිබුණි.

ඔවුන්ට එය හමුවුයේ නැත. දවස් විසි හතරක් හෑරූ පසුව ඔවුන්ට කළුගල් පර්වතයක් හමුවිය. අවසානයේ ඉතිරි වූයේ අඩි නවයක් පළල අඩි හතළිස් දෙකක් ගැඹුරු කුහරක් පමණී. ඔව්හු බලාපොරොත්තු සුන්ව විසිර ගියෝය.

වැරදි කිරීම මිනිස් ස්වභාවයකි. අප සැමට කවදා හෝ වැරදේ. පාවුල් සහ බාර්නබස් සමග ගිය මිෂනාරී ගමනකදී තරුණ මාර්ක් මගදී ඔවුන් අත්හැර ගියේය. වැඩයද අඛණ්ඩව කළේ නැත. ඒ හෙයින් ඔවුන්ගේ ඊළඟ ගමනේදී මාර්ක් “තමුන් සමග කැඳවා ගෙන යාම නුසුදුසු” යයි පාවුල් කල්පනා කළේය (ක්‍රියා 15:38). ඒ නිසා බාර්නබස් සමග විශාල විවාදයක් ඇති විය. ඔහුගේ මුල් වැරදි තිබුණද පසුව විශ්මිත ලෙස නැවත වරක් ඔහු පෙනී සිටියේය. සිර ගෙදර තනිව තම කාලය ගත කරන විට ඔහුව කැඳවා “සේවය ගැන ඔහු ප්‍රයෝජනවත්” යයි (2 තිමෝති 4:11) පාවුල් කීවේය. ඔහුගේ නමින්ම අප හඳුන්වන ශුභාරංචිය ලිවීමට පවා දෙවියන් වහන්සේ මාර්ක්ව යොමු කළ සේක.

අපගේ වැරදි සහ පරාජයන්ට තනිව මුහුණ දීමට දෙවියන්වහන්සේ අපව අත් නාරින බව මාර්ක්ගේ ජීවිතය අපට පෙන්නුම් කරන්නේය. අපගේ සියලු වැරදි වලට වඩා ශ්‍රේෂ්ඨ මිතුරෙක් අපට සිටී. අපි අපගේ ගැළවුම් කරුවාණන් අනුගමණය කරන විට අපට අවශ්‍ය උපකාරය සහ ශක්තිය උන්වහන්සේ සපයන සේක.