සමහර දේවල් අත්දකින තුරුම ඒවා ඔබට වැටහෙන්නේ නැත. මට පළමු දරුවා ලැබීමට ඉන්නා කාලයේ දරු උපත් ගැන බොහෝ පොත් කියවීමි. එසේම දුසිමක් පමණ ස්ත්‍රීන්ගෙන් ප්‍රසූත වේදනා සහ ප්‍රසූතියන් ගැන කථාන්දර ඇසීමි. නමුත් එම අත්දැකීම කෙසේද කියා මට හරියාකාරව දැණුනේ නැත. මගේ ශරීරය කරන්න යන දෙය මට සිතා ගත නොහැකි වුනි.

පාවුල් 1 කොරින්තියෙන් ලියන්නේ දේව රාජ්‍යයට උත්පාදනය වීමද දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට දෙන ගැළවීමද අත් විඳ නැති අයට වටහා ගත නොහැකි බවය. කුරුසියක් තුළින් ගැළවීම ලැබීම මෝඩකමක් මෙන් හැඟේ – දුර්වලතාවයෙන්, පරාජයෙන් සහ අවමානයෙන් එය ප්‍රදර්ශනය කෙරේ. නමුත් පාවුල් දේශනා කළ ගැළවීම මෙම “මෝඩකමය”.

එය කිසි කෙනෙකු පරිකල්පනය කළ දෙයක් නොවේ. ශක්තිමත් දේශපාලනඥයෙක් හෝ ආශ්චර්යයක් හෝ තුළින් ගැළවීම පැමිණෙනු ඇතැයි සමහරු සිතුවෝය. තවත් අය තමන්ගේ අධ්‍යාපනික හෝ දර්ශනවාදී හෝ දක්‍ෂතා ඔවුන්ගේ ගැළවීම යැයි සිතුවෝය (1 කොරින්ති 1:22). නමුත් විශ්වාසකර අත්දකින අයට පමණක් ගැළවීම අවබෝධ වන ක්‍රමයකට එය ලබාදී දෙවියන්වහන්සේ සියල්ලන් පුදුම කළ සේක.

දෙවියන්වහන්සේ ලැජ්ජාව ගෙන එන දුර්වල දෙයක් වන කුරුසියේ මරණය, ප්‍රඥාවේ සහ බලයේ පදනම කළ සේක. දෙවියන්වහන්සේ සිතා ගැනිමට බැරි දෙය කරන සේක. උන්වහන්සේ ලෝකයේ දුර්වල සහ මෝඩ දේවල් රැගෙන ණැනවතුන් ලැජ්ජාවට පත් කරන සේක (27 පදය).

උන්වහන්සේගේ විශ්මිත වියවුල ගෙන දෙන දේවල් සෑම විටම හොඳම මාර්ග වේ.