තමන්ගේ සිර කාලය අඩු කර ගැනීමට සිරකරුවන් කිහිප දෙනෙක් පාරේ කුණු එකතු කරමින් සිටිද්දී ඔවුන් භාරව සිටි නිලධාරියා ඇද වැටුණේය. ඔව්හු ඔහුගේ උදව්වට දිව ගියෝය. හදිසි තත්ත්වයක් බව දැන ගෙන ඔවුන්ගෙන් කෙනෙකු නිලධාරියාගේ දුරකථනයෙන් පණිවුඩයක් දුන්නේය. ඔවුන්ගේ ප්‍රධානියාට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කිරීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිරකරුවන්ට ස්තුති කළේ ප්‍රධානියා බරපතල තත්ත්වයක සිටිය විට ඔහු අත්හැර දැමීමට හෝ පැන යාමට උත්සාහ කිරීමටද ඔවුන්ට හැකියාව තිබුණු හෙයිනි.

එම සිරකරුවන්ගේ ක්‍රියාව පාවුල් සහ සීලස් සිර ගෙදර සිටි අවස්ථාවේ කළ දෙය වැනිය. පාවුල් සහ සීලස්ව නිරුවත් කොට පහර දී සිර ගෙදරට දැමූ විට භූමිකම්පාවක් ඇති වී හිරගෙදර දොරවල් ඇරී ඔවුන්ගේ දම්වැල්ද ගැළවී ගියේය (ක්‍රියා 16:23-26). සිරගෙදර නිලධාරියා අවදි වූ විට සිරකරුවන් පැන යන්ට ඇතැයි අනිවාර්යයෙන් සිතන්න ඇති. ඒ හෙයින් ඔහු තම ජීවිතය නැතිකර ගැනීමට සිතුවේය (ඔවුන් පැන ගියහොත් එකල නිලධාරීන්ට ලැබෙන දඬුවම මරණයයි). “අපි සියල්ලෝම මෙහිය” (28 පදය) කියා පාවුල් මොර ගැසූ විට නිලධාරියාගේ සිත සසල වූයේ සිරකරුවන්ගෙන් එය බලාපොරොත්තු විය නොහැකි නිසාය. එම නිසා ඔවුන් නමස්කාර කළ දෙවියන් ගැන නිලධාරියා කුතුහලයට පත්වී අවසානයේදී ඔවුන්ද උන්වහන්සේව විශ්වාස කිරීම ආරම්භ කළෝය.

අපි අන් අයට සළකන ආකාරය අප විශ්වාස කරන සහ අගයන දෙය අනාවරණය කරන්නේය. හානි නොකර යහපත කිරීමට අපි තීරණය කළ විට අප දන්නා, අප ප්‍රේම කරන දෙවියන් ගැන කල්පනා කිරීමට ඔවුන් පෙළඹේ.