දශක ගණනාවකම සිට ලන්ඩනය ලෝකයේ ජාතීන් සම්මිශ්‍රණය වූ නගරයක්ව පවතී. 1933 දී ලේඛක ග්ලින් රොබර්ට්ස් එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අගනුවර ගැන ලීවේ “මා සිතන ලෙස ලන්ඩනයේ හොඳම දෙය ජාතීන්, වර්ණ සහ භාෂාවන්ය” යනුවෙනි. එම නගරයේ අදද මිශ්‍ර සුගන්ධය, ශබ්ද සහ ගෝලීය සමූහනයේ දර්ශන දක්නට තිබේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ නගරවලින් එකක ඇති විශ්මිත ආකර්ශණය නම් විවිධත්වයේ අලංකාරයයි.

මනුෂ්‍යයන් සිටින ඕනෑම නගරයක් මෙන් ලන්ඩනයද ප්‍රශ්න නැති නගරයක් නොවේ. වෙනස් වීම අභියෝග ගෙන එන්නේය. සංස්කෘතීන් සමහර විට ගැටේ. අපගේ සදාකාලික නිවසේ ඇති අලංකාරයට මනුෂ්‍ය අතින් සාදන ලද කිසිම නිවසක් සම කළ නොහැකි වීමට එය එක් හේතුවක් වන්නේය.

අපෝස්තලු යොහන්ව දෙවියන්වහන්සේගේ අභිමුඛයට ගෙන ගිය විට විවිධත්වයේ එක් කොටසක් වූයේ ස්වර්ගීය නමස්කාරය බව ඔහු දුටුවේය. මුදවා ගත් අය ගායනා කළේ “ඔබ පොත ගන්ටත් එහි මුද්‍ර කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ සියලු ගෝත්‍ර වලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිළේට ගෙන ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළ සේක. ඔව්හු පොළොවෙහි රජකම් කරතියි” යනුවෙනි (එළිදරව් 5:9-10).

ස්වර්ගය ගැන කල්පනා කරන්න. ජීවමාන දෙවියන්වහන්සේගේ දරුවන් වීම ගැන එකතු වී සමරණ සෑම ජන කොට්ඨාශයක්ම එහි සිටින්නේය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපි එම විවිධත්වය සමරමු.