ටිම් සමග හවුල් ව්‍යාපෘතියක් කිරීමට ඇල්වින්ට සිදුවිය. එය ඔහුට විශාල අභියෝගයක් විය. ඔහු සහ ටිම් එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන විවිධ මත දැරුවෝය. ඔවුන් එකිනෙකා අනික් කෙනාගේ මතයට ගරු කළද ඔවුන්ගේ එළඹුම් බොහෝ වෙනස් විය. ගැටුම මග හැරිය යුතු යයි දෙදෙනාටම සිතුණි. ගැටුම මතුවීමට පෙර දෙදෙනා තම නායකයා සමග ඔවුන්ගේ වෙනස් මත කථා කර ගැනීමට තීරණය කළෝය. ඔහු ඔවුන්ව වෙනස් කණ්ඩායම් වලට යොමු කළේය. එය ණැනවත් තීරණයක් විය. එදින ඇල්වින් පාඩමක් ඉගෙන ගත්තේය. එනම් එක්සත් වීම යනු කාරණා එකට කිරීම නොවේ.

බෙතෙල්හිදී තමාත් ලොතුත් වෙන් වෙමු යැයි කියන විට ආබ්‍රහම්ටද එම සත්‍යය තේරුම් ගොස් තිබෙන්න ඇති (උත්පත්ති 13:5-9). දෙගොල්ලන්ගේ රෑලවල් වලට ඉඩ නැති බව දුටු විට වෙන්වෙමු යයි ආබ්‍රහම් ණැනවත්ව කීවේය. නමුත් ඊට පළමුව ඔහු කීවේ තමන් සහෝදරයන් බවය (8 පදය). තමන්ගේ සම්බන්ධතාවය ලොත්ට මතක් කර විශාල යටහත් කමකින් ඔහු තම ඥාති හෝදරයාට පළමු තේරීම දුන්නේය (9 පදය). ආබ්‍රහම් ජ්‍යෙෂ්ඨයා වූවත් ඔහු එසේ කළේය. එක් සභාපාලකයෙක් ඒ ගැන කීවේ “සමගියෙන් වෙන්වීමක්” කියාය.

දෙවියන්වහන්සේ විසින් අසමසම ලෙස මවනු ලැබ එකම ඉලක්කය ලබා ගැනීමට අප සමහර විට වෙන් වෙන්ව ක්‍රියා කරන බව අපට වැටහේ. විවිධත්වයේ එක්සත්කමක් තිබේ. එහෙත් අප තවමත් දෙවියන්වහන්සේගේ පවුලේ සහෝදර සහෝදරියන් බව අමතක නොකරමු. අප සමහර කාරණා වෙනස් අයුරින් කරනවා විය හැකිය. නමුත් ඉලක්කය සඳහා අපි එක්සත්ව සිටිමු.