චිත්‍රපට නිෂ්පාදක විලී ඕවර්ස්ට්‍රීට් තම බලවත් දුරදක්නයෙන් සඳෙහි සත්‍ය ඡායාරූප පෙන්වූ විට සමීප දර්ශන වලින් ඔව්හු මවිත වූවෝය. ඔව්හු මිමිණීම් සහ විශ්මපත් ශබ්දවලින් ප්‍රතිචාර දැක්වූහ. “අපට වඩා කිසියම් විශාල දෙයක් ඇතැයි යන පුදුම හැඟීමක් අපට ඇති කරයි” කියා ඕවර්ස්ට්‍රීට් තේරුම් කරන්නේය.

ගීතිකාකරු වන දාවිත්ද දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ආලෝකය දැක විශ්මයට පත්විය. “ස්වකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනා කරන කල ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැළකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3-4).

දාවිත්ගේ යටහත් ප්‍රශ්නය අපගේ විශ්මය හරි මාර්ගයට දමයි. දෙවියන්වහන්සේ අලුත් ස්වර්ගයත් පොළොවත් මැවූ පසු අපට තවදුරටත් සඳු හෝ හිරු හෝ අවශ්‍ය නොවන්නේය. ඒ වෙනුවට අපෝස්තලු යොහන් පවසන්නේ “දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝක වූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත …. එහි රාත්‍රියක් නොවන්නේය” (එළිදරව් 21:23-25) යනුවෙනි.

කෙතරම් පුදුමාකාර සිතිවිල්ලක්ද! අපට උන්වහන්සේගේ ස්වර්ගීය ආලෝකය අත් දැකිය හැකිය. ඒ ක්‍රිස්තුස්වහන්සේ සෙවීමෙනි. උන්වහන්සේ ලෝකයේ ආලෝකයය. ඕවර්ස්ට්‍රීට්ට අනුව “අප වැඩිපුර ඉහළ බැලිය යුතුය”. එසේ කරන විට අපට දෙවියන්වහන්සේ පෙනෙනු ඇත.