බයිබල් විදුහලක පනස්වන සංවත්සරයේදී ගුරු මණ්ඩලය, සිසුන් සහ මිතුරන් ඇමතූ දිනය මා ඉතාමත් ලැජ්ජාවට පත්වූ දිනය වේ. මාගේ දේශනා සටහන් අතැතිව ධර්මාශනය වෙත මම ගියෙමි. මම රැස්ව සිටි විශාල සෙනග දෙස බැලීමි. නමුත් මාගේ ඇස් යොමු වූයේ ඉදිරියෙහි අසුන් ගෙන සිටි විද්වත් කණ්ඩායම වෙතය. ඔව්හු තම උපාධි ලෝගුද ඇඳ පැළඳ ගෙන බැරෑරුම් බැල්මක් හෙලා ගෙන සිටියහ. මා පියවි සිහියෙන් ඉවතට ගියෙමි. මාගේ උගුර කට වියලුණි. එය මාගේ මනසින් වෙන්වූවාක් මෙන් මට දැණුනි. පළමු වාක්‍ය කිහිපය මට පැටළුණි. ඉන්පසු මා කථා කළේ සටහන් වලින් නොවේ. මාගේ දේශනයේ මා සිටින්නේ කොතැනදැයි මට අමතක විය. මම වියරුවෙන් මෙන් පිටු පෙරළීමි. සියලු දෙනා වියවුල් වන පිස්සු වාක්‍යයන් මාගේ මුඛයෙන් පිට විය. කෙසේ හෝ මම එය අවසන් කළෙමි. මාගේ ආසනය වෙත ගොස් බිම බලා ගෙන සිටියෙමි. මට මැරෙන්න සිතුණි.

කෙසේ වෙතත් ලැජ්ජාව, යටහත්කමට යොමු වේ නම් එය හොඳ දෙයක් බව මම ඉගෙන ගතිමි. මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ හදවත විවර කරන යතුර එය වන බැවිනි. බයිබලය පවසන්නේ “දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දක්වන බවය” (යාකොබි 4:6). උන්වහන්සේ යටහතුන්ට අනුග්‍රහය වගුරුවන සේක. “එහෙත් යටහත්වූ තැළුණු ආත්මයක් ඇත්තාවූ මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි” (යෙසායා 66:2) යනුවෙන් දෙවියන්වහන්සේම කියන සේක. අප දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වන විට උන්වහන්සේ අපව ඔසවන සේක (යාකොබ් 4:10).

යටහත්කමට සහ ලැජ්ජාවට අපව දෙවියන්වහන්සේගේ හැඩ ගැස්වීමට ගෙන ආ හැකිය. අප වැටෙන විට වැටී ඇත්තේ උන්වහන්සේගේ දෑත් වලටය.