ඩිජිටල් සංගීතය ඇසුණි. අපි සයදෙනාම ක්‍රියාත්මක වූයෙමු. සමහරු පාවහන් දමා ගත්හ. තවත් අය පාවහන් නැතුව දොරෙන් පිටවූහ. තත්පර කිහිපයකින් අපි අයිස්ක්‍රීම් වෑන් එක හඹා ගියෙමු. ඒ ශ්‍රීෂ්ම සෘතුවේ පළමු උණුසුම් දිනය විය. එය සැමරීමට හොඳම ක්‍රමය ශීත මිහිරි අයිස්ක්‍රීම්ය. අප සමහර දේවල් කරන්නේ ඒවා අපට ගෙන එන ප්‍රීතිය නිසා පමණී. යුතුකමක් හෝ විනයක් හෝ නිසා නොවේ.

මතෙව් 13:44-46 හි දක්වා ඇති උපමා කථා දෙකෙහි අවධානය “යමක් ලබා ගැනීමට සියල්ල විකිණීමය”. ඒ කැපවීම පිළිබඳ කථා යයි අපට සිතෙන්න පුළුවන. නමුත් කාරණාව එය නොවේ. පළමු කථාව පවසන්නේ මිනිසා සියල්ල විකුණා කෙත මිළයට ගත්තේ ප්‍රීතිය නිසා කියාය. ප්‍රීතිය වෙනස ගෙන එයි. සිත දොස් කීම හෝ යුතුකම හෝ ප්‍රීතිය ගෙන නොදෙයි.

යේසුස්වහන්සේ අපගේ ජීවිතයේ එක කොටසක් නොවේ. උන්වහන්සේට අපව සම්පූර්ණයෙන්ම අවශ්‍ය වේ. කථා දෙකෙහි දෙදෙනාම “සියල්ල” වික්කෝය (44 පදය). නමුත් හොඳම කොටස මෙන්න! මේ සියල්ල විකීණිමෙන් ලැබෙන ප්‍රතිඵලය ලාභයයි. අප එය අනුමත නොකිරීමට පුළුවන. කිතුණු ජීවිතය යනු කුරුසිය ගැනීම නොවේද! එසේය. එය එසේමය. නමුත් අප මිය ගිය විට අපි ජීවත් වෙමු. අපගේ ජීවිතය නැතිවන විට අපට එය හමුවේ. අප සියල්ල වික්ක විට අපට ශ්‍රේෂ්ඨතම වස්තුව වන යේසුස්වහන්සේ ලැබේ. හේතුව ප්‍රීතියයි. ප්‍රතිඵලය යටත් කිරීමයි. ප්‍රතිඵලය යේසුස්වහන්සේ ගැන දැනගැනීම නැමති වස්තුවයි.