අපගේ අලුත් නගරය හරහා විශාල සුළි කුණාටුවක් හැමුවේය. අධික තෙතමනයක් සහ අඳුරු අහස ඉස්මතු විය. මම අපේ බල්ලා වන කැලී සමග ඇවිදීමට ගියෙමි. අපගේ පවුලේ අය ගමකට පදිංචියට ඒම මාගේ සිත බර කළේය. අප තැබූ විශාල බලාපොරොත්තුවලට වඩා සිදුවූ දේවල් බොහෝ වෙනස් වීම ගැන කණස්සල්ලෙන් යුතුව මම කැලීට තණකොළ සිඹින්න ඉඩ හැර නැවතීමි. මම අපගේ නිවස අසළින් ගලා යන දියපහරට සවන් දුනිමි. ඇල ඉවුරේ තැනින් තැන දිස්වුන වනමල් වල වෛවර්ණ ආලෝකයන් දිස්වුනි. ඒ කලාමැදිරියන්ය.

නිවී නිවී පත්තුවන එළි අන්ධකාරය බිඳ ගෙන යනවා මම බලා සිටියෙමි. ස්වාමින්වහන්සේ සාමයෙන් මා වෙළා ගත් සේක. මම දාවිත් ගයනා කරන “ඔබ මාගේ පහන දල්වන සේක” (ගීතාවලිය 18:28) යන ගීතිකාව මතක් කර ගතිමි. ඔහුගේ අන්ධකාරය දෙවියන්වහන්සේ ආලෝකයට හරවන බව ඔහු ප්‍රකාශ කරයි. දාවිත් දෙවියන්වහනසේගේ ප්‍රතිපාදන සහ ආරක්‍ෂාව ගැන ප්‍රකාශ කරයි. ඔහු ඉදිරියට එන ඕනෑම දෙයකට මුහුණ දීමට දෙවියන්වහන්සේගේ ශක්තියෙන් ඔහුට හැකි බව ඔහු කියයි (32-35 පද). ජීවමාන දෙවියන්වහන්සේ සෑම විටම ඔහු සමග බව ඔහු විශ්වාස කළේය. ජාතීන් අතරේ උන්වහන්සේව පසසන්නත් උන්වහන්සේගේ නාමය ගැන ප්‍රශංසා ගීත ගයන්නත් දාවිත් පොරොන්දු වන්නේය (36-49 පද).

අපගේ ජීවිත වලට එන කුණාටුවලට අපි මුහුණ දුන්නද වැසිවලින් පසු එන නිශ්චලතාවය භුක්ති වින්දද දෙවියන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය අපගේ අන්ධකාරය තුළින් අපව ආලෝකමත් කරන්නේය. අපගේ ජීවමාන දෙවියන්වහන්සේ සෑම විටම අපගේ ශක්තියය. රැකවරණයය. අපගේ පෝෂණ මාර්ගය සහ ගැළවුම්කරුවාණන්ය.