අපගේ දියණිය වන මෙලිස්සාගේ මනස්කාන්ත භාවය නැවත මට ග්‍රහණය කිරීමට නොහැකිය. ඇය උසස් පාසැලේ ප්‍රීතියෙන් වොලිබෝල් සෙල්ලම් කරන විට අපි බලා සිටි ආකාරය මාගේ සිතෙන් ටිකෙන් ටික මැකී යන්නේය. අප පවුලේ ක්‍රියාකාරකම් වල යෙදෙන විට ඇයගේ මුවෙහි තිබුණු ලැජ්ජාව මුසුවූ සිනහව මතක් කිරීම අසීරුය. වයස දහහතේදී ඇය ලත් මරණය ඇයගේ අභිමුඛය කඩතුරාවකින් වසා දැමීය.

විලාප ගී පොතෙහි යෙරෙමියාගේ වචන පෙන්නුම් කරන්නේ හදවත පසාරු කළ හැකි බව ඔහු තේරුම් ගත් බවය. “මාගේ සවියත් ස්වාමින්වහන්සේ කෙරෙහි මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේය” (3:18 පදය). ඔහුගේ තත්ත්වය මාගේත් ඔබගේත් තත්ත්වයට වඩා හාත්පසින් වෙනස්ය. ඔහු දෙවියන්වහන්සේගේ විනිශ්චය ප්‍රකාශ කර තිබුණි. යෙරුසලම වැටෙනවා ඔහු දිටීය. තේජස ඉවත්වී තිබුණේ පරාජය වී යයිද (12 පදය) තනිවී යයිද (14 පදය) දෙවියන්වහන්සේ විසින් අත්හරිනු ලැබ ඇතැයිද (15-20 පද) කල්පනා කළ නිසාය.

නමුත් කථාව එතැනින් අවසන් වූයේ නැත. ආලෝකය පැමිණියේය. යෙරෙමියා සිතින් බරව, කැඩී බිඳී අමාරුවෙන් පැවසුවේ “මට බලාපොරොත්තුව ඇත්තේය” (21පදය) යනුවෙනි. එම බලාපොරොත්තුව “අප විනාශණූනේ ස්වාමින්වහන්සේගේ කරුණාවල් නිසාය” (22 පදය) යන්න වටහා ගත් නිසය. තේජස පහ වූ විට අප මතක් කර ගත යුතු කාරණයක් නම් දෙවියන්වහන්සේගේ “අනුකම්පාවල් නොනවතින” බවත් “ඒවා උදයෙන් උදය” අලුත්වන බවත්ය (22-23 පද).

අපගේ අඳුරුම දිනවල පවා දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ විශ්වාසවන්තකම අප ආලෝකමත් කරන්නේය.