එක් කුඩා පිරිමි දරුවෙක් හට පාසැලේදී අභියෝග පැමිණී විට පාසැලට යන්නට පෙර සෑම උදෑසනකම පැවසීමට ඔහුගේ පියා ප්‍රතිඥාවක් ලියා දුන්නේය. “අද දින මාව අවදි කළ නිසා මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. මම පාසැලට යන්නේ ඉගෙනීමට අවශ්‍ය නිසාත් දෙවියන්වහන්සේ මා මවා ඇති පරමාර්ථයට සරිලන නායකයා වීම සඳහාත්ය”. එක අතකින් මෙම ප්‍රතිඥාවෙන් පියා බලාපොරොත්තු වූයේ ජීවිතයට අනිවාර්යයෙන් එන අභියෝග සමග ක්‍රියා කිරීම පිණිස තම පුත්‍රයාට උපකාර කිරීමටය.

මෙම ප්‍රතිඥාව කටපාඩම් කර ගැනීමට උපකාර කිරීමෙන් මෙම පියා කරන්නේ කාන්තාරයේදී දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට කරන්න කී දේට සමාන දෙයකි. “මේ වචන නුඹේ සිතේ තිබේවා. නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා… ” (ද්වීථීය කථාව 6:6-7).

කාන්තාරයේ වසර හතළිහක් එහේ මෙහේ ඇවිද ඊළඟ පරම්පරාව පොරොන්දු දේශයට ඇතුළත් වෙන්න සුදානම්ව සිටීයහ. ඔවුන්ගේ දෑස් උන්වහන්සේ වෙතට යොමුවී නොතිබෙන්නේ නම් එහි ගොස් සාර්ථක වීමට ඔවුන්ට පහසු නැති බව දෙවියන්වහන්සේ දැන සිටි සේක. එම නිසා මෝසෙස් තුළින් උන්වහන්සේ ඔවුන්ට දන්වා සිටියේ උන්වහන්සේව මතක තබා ගෙන උන්වහන්සේට කීකරු වන ලෙසය. එසේම ඔවුන්ගේ දරුවන්ට උන්වහන්සේ ගැන කියාදී උන්වහන්සේගේ වචනය ගැන කථා කරමින් ඔවුන්ට දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට උපකාර වන ලෙසය. “නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනය කරන කලද නැගිටින කලද” (7 පදය) එසේ කළ යුතු වන්නේය.

සෑම අලුත් දවසකම අපි උන්වහන්සේට කතඥ වෙමින් දේව වචනය තුළින් අපගේ හදවතට සහ මනසට මග පෙන්වීම ලබා ගත යුතු වන්නෙමු.