සභාව සමග කලකිරී දහහත් හැවිරිදි ට්‍රෙවෝ පිළිතුරු ලබාගැනීම පිණිස වසර ගණනාවක් ඇවිද්දේය. නමුත් ඔහු සොයා යන කිසිවක් ඔහුගේ ආශාවන් සංසිඳෙව්වේවත් ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේවත් නැත.

ඔහුගේ ගමන ඔහුගේ දෙමාපියන් වෙතට ඔහුව ළං කළේය. එහෙත් තවමත් ඔහුට කිතුණු දහම ගැන ගැටළු තිබුණි. එක් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ “බයිබලය හිස් පොරොන්දුවලින් පිරී තිබේ” කියාය.

තවත් අයෙකුට කලකිරීම සහ අසීරුතා නිසා සැක ඉස්මතු විය. නමුත් සතුරන්ගෙන් දාවිත් පැනයන විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ දෙවියන්වහන්සේගෙන් පැන යාම නොවේ උන්වහන්සේට ප්‍රශංසා කිරීමය. “සේනාවක් මට විරුද්ධව කඳවරු බැන්දත් මාගේ සිත භය නොවන්නේය” (ගීතාවලිය 27:3) යයි ඔහු ගායනා කළේය.

එහෙත් දාවිත්ගේ ගීතයේද සැකයේ ඡායාවක් තිබේ. “මට කරුණාකොට උත්තර දුන මැනව” (7 පදය). එය බිය සහ ගැටළු ඇති පුද්ගලයෙක්ව ඉස්මතු කරන්නේය. “ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව” දාවිත් ආයාචනා කරයි. “මා පහ නොකළ මැනව. අත් නොහළ මැනව” (9 පදය).

දාවිත් තම සැකයන්ට තමාව අකර්මණ්‍ය කිරීමට ඉඩ දුන්නේ නැත. එම සැකයන් තිබියද ඔහු ප්‍රකාශ කළේ “ජීවතුන්ගේ දේශයෙහි ස්වාමින්ගේ යහපත්කම මම දකින්නෙමි” (13 පදය) කියාය. ඊට පසු ඔහු තම පාඨකයන් වන ඔබත් මාත් ට්‍රෙවෝත් ආමන්ත්‍රණය කරයි. “ස්වාමින් කෙරෙහි බලා සිටුව. ශක්තිමත් වෙව. ඔබගේ සිත ධෛර්යයමත් වේවා” (14 පදය).

අපගේ විශාල ප්‍රශ්නවලට ඉක්මන් සරළ පිළිතුරු නොලැබෙනු ඇත. නමුත් අප බලා සිටින විට අපට විශ්වාසය තැබිය හැකි දෙවි කෙනෙකු මුණ ගැසේ.