රාජකීය පවුලේ යමෙක් රජ කිරුළට ළංව සිටින තරමට ඔහු/ඇය ගැන ජනයාට වැඩිපුර අසන්න ලැබේ. අන් අය අමතක වී යන්නේය. බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කිරුළට හිමිකම් කිව හැකි හැටක පෙළක් සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් නම් සර් ෆ්‍රෙඩ්රික් වින්සර්ය. ඔහු එම පෙළෙහි හතළිස් නව වෙනියාය. ඔහු ප්‍රසිද්ධියට පත් නොවී තම ජීවිතය ගත කරයි. ඔහු ආර්ථික විශ්ලේෂකයෙක් ලෙස ක්‍රියා කරන අතර ඔහු වැටුප් ලබන රාජකීයයෙකු නොවේ. පවුල වෙනුවෙන් පෙනී නොසිටින නිසා ඔහු පවුලේ කෙනෙකු සේ නොසැළකේ.

දාවිත්ගේ පුත්‍රවූ නාතාන්ද (2 සාමුවෙල් 5:14) ප්‍රසිද්ධියට එපිටින් ජිවත් වූ අයෙකි. ඔහු ගැන ඇත්තේ අල්ප දැනුමකි. යේසුස්වහන්සේගේ පරම්පරාව සඳහන් කරමින් මතෙව් දාවිත්ගේ පුත් සාලමොන් ගැන ලියයි (යෝසෙප්ගේ පෙළපත; මතෙව් 1:6). බොහෝ අය විශ්වාස කරන පරිදි ලූක් සඳහන් කරන පරම්පරාව මරියාගේ පරම්පරාවයි. එහි නාතාන් (ලූක් 3:31) ගැන සඳහන් වේ. නාතාන් ජයකොන්තය භාවිතා නොකළද දෙවියන්වහන්සේගේ සදාකාලික රාජ්‍යයෙහි ඔහුට භූමිකාවක් තිබුණි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපද රාජකීයයන්ය. අපෝස්තලු යොහන් ලීවේ “දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක” (යොහන් 1:12) යනුවෙනි. අපි සෙනගගේ ආකර්ෂණයේ නොසිටියද අපි රජුගේ දරුවන් වෙමු. මේ ලෝකයේ උන්වහන්සේව නියෝජනය කරන්නටද කෙදිනක හෝ උන්වහන්සේ සමග රජකම් කිරීමටද අප එකිනෙකා වැදගත් යයි දෙවියන්වහන්සේ සළකන සේක (2 තිමෝති 2:11-13). නාතාන්ට මෙන් අපටත් භෞමික ඔටුන්නක් නැති වූවත් අපටද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කොටසක් ඇත්තේය.