ඇලෙක්සා නම්වූ ඇමසන්හී කටහඬ පලනය කරන උපකරණයට පුදුමාකාර හැකියාවක් තිබේ. ඔබ කියන සෑම දෙයක්ම මකා දැමීමට එයට හැකිය. ඇලෙක්සාට කියන ඕනෑම දෙයක් එනම් යම් විස්තරයක් නැවත උලුප්පා ගැනීම යනාදිය එක් සරල වාක්‍යයකින් මකා දමයි. (මා අද කී සෑම දෙයක්ම මකා දමන්න) එය ඒ සියල්ල පවිත්‍ර කරයි. ඒ එය කිසිදා නොවූවාක් මෙන්ය. අපගේ ජීවිතයේ අනෙක් කොටස්වලට එම හැකියාව නැතිවීම කණගාටුවකි. සෑම වැරදුනු වචනයක්ම, අප කළ ලැජ්ජා සහගත ක්‍රියාවක්ම අපට මකා දැමිය හැකියයි අපට සිතෙන සැම මොහෙතක්ම අප අණ දුන් විට සියල්ල මැකී යනවා නම්!

යහපත් ආරංචියක් තිබේ. දෙවියන්වහන්සේ අපට පවිත්‍ර ආරම්භයක් පිළිගන්වන සේක. එපමණක් නොව අපගේ වැරදි සහ නොමනා හැසිරීම් මකා දමනවාට වඩා එහාට උන්වහන්සේ යන සේක. දෙවියන්වහන්සේ අපට මිදීම දෙන සේක. අපව පරිවර්තනය කර අලුත් කරන ගැඹුරු සුවයක් ගෙන දෙන සේක. “හැරී එන්න. මක්නිසාද මම නුඹ මිදුවෙමි” (යෙසායා 44:22) යයි උන්වහන්සේ කියන සේක. ඉශ්‍රායෙලය කැරළි ගසා අකිකරු වුවද දෙවියන්වහන්සේ ඔවුන්ට තම විශාල දයාව දිගු කළ සේක. උන්වහන්සේ ඔවුන්ගේ පාපයන් වලා පටලයක් මෙන්ද ….. පාප වළාකුලක් මෙන්ද මකා දැමූ සේක.

අපගේ පාප සහ වැරදිවලටද උන්වහන්සේ එසේ කරන සේක. උන්වහන්සේට හරිගැස්සිය නොහැකි වරදක් හෝ සුව කළ නොහැකි තුවාලයක් හෝ නැත. දෙවියන්වහන්සේගේ දයාව අපගේ ප්‍රාණයේ වඩාත් වේදනාකාරී ස්ථාන එනම් අප බොහෝ කල් සඟවා ගෙන සිටින තුවාලයන් වැනි දේද සුවකර මුදන සේක. උන්වහන්සේගේ කරුණාව අපගේ දොස් පැවරුම් පහකර සිත් රිදීම් සෝදා දමයි.