“කටින් පිටවන පිළුණු මත්පැන් දුගඳ සහ කලකිරීම සමග මාගේ සයනයේ වැතිර සිටියෙමි” කියා පත්‍ර වාර්තාකරුවෙක් වන මැල්කම් මගරිජ් ලියයි. දෙවන ලෝක මහා යුද්ධයෙහි චර පුරුෂයෙක් ලෙස ක්‍රියා කරන කාලයේ එක් අසහනකාරී සන්ධ්‍යාවක “විශ්වයේ සහ සදාකාලයේ ආලෝකයෙන් බිඳක්වත් නොමැතිව මම තනිවීමි” කියා ඔහු පවසයි.

එවැනි අවස්ථාවක ඔහුට හරියැයි සිතුණු දෙය ඔහු කළේය. ඔහු ගිලී මැරෙන්න උත්සාහ කළේය. මැඩගස්කරයේ වෙරළට ඔහු වාහනය පදවා ගෙන ගොස් සම්පූර්ණයෙන් වෙහෙසට පත් වෙන තුරු මුහුදෙහි පිහිනීම ආරම්භ කළේය. ආපසු බලන විට ඈත වෙරළෙහි ඇති විදුලි බුබුළු දිස්විය. ඒ වෙලාවේ ඔහුට නොතේරුණු හේතුවක් නිසා ඔහු නැවත වෙරළ දෙසට පිහිනා ආවේය. ඔහුගේ වෙහෙස මර්ධනය වී උතුරා යන ප්‍රීතියක් ඔහුට දැණුනි.

ඒ හරියටම කෙසේදැයි මගරිජ් දැන සිටියේ නැත. දෙවියන්වහන්සේ අන්ධකාර මොහොතේ ඔහුව ස්පර්ශ කළ බව ඔහුට දැණුනි. අධිස්වාභාවික ලෙස පමණක් සිදුවිය හැකි බලාපොරොත්තුවක් ඔහු තුළට ඇතුල් විය. අපෝස්තලු පාවුල් බොහෝ විට එවැනි බලාපොරොත්තුවක් ගැන ලීවේය. “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොට ගෙන මැරී …. බලාපොරොත්තුවක් නැතුව දෙවියන්වහන්සේත් නැතුව” (2:1, 12) සිටි බවය. නමුත් “දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සේක් අප මැරී සිටින කල්හි පවා ක්‍රිස්තුස්වහන්සේ සමග අප ජීවත් කරවු සේක” (4-5 පද).

මේ ලෝකය අපව ගැඹුරට ඇද දැමීමට උත්සාහ කරයි. නමුත් මේ බලාපොරොත්තු සුන්වීමට ඉඩදීම අවශ්‍ය නැත. මගරිජ් තමා මුහුදේ පිහිනිම ගැන පැවසූ ලෙස “අඳුරක් ඇති බව මට පෙනී ගිය නමුත් සත්‍ය ලෙස ඇත්තේ සදාකාලිකව බැබළෙන ආලෝකය නොපෙනී යාමේ හැකියාව පමණී”.