ග්‍රැඩී සමග පළමු සාකච්ඡාවෙන් පසු ඔහු අතට අත දීම වෙනුවට ඇඟේ හැප්පීම කරන්න හේතුව මම දැන ගතිමි. අතට අත දෙන විට ඔහුගේ මැණික් කටුවේ තිබෙන තුවාල කැළැල් පෙනේ. ඒවා තමාට අනතුරක් කර ගැනීමට කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් විය. අපගේ අභ්‍යන්තර හෝ පිටස්තර හෝ තුවාල සැඟවීම අසාමාන්‍ය දෙයක් නොවේ.

ග්‍රැඩී හමුවීමෙන් පසු මම යේසුස්වහන්සේගේ ශාරිරික කැළැල් ගැන සිතුවෙමි. ඒ උන්වහන්සේගේ අත් සහ පාද වලට ගසනු ලැබූ ඇණ සහ උන්වහන්සේගේ ඇලයට අණිනු ලැබූ හෙල්ල පහර වලින් ලත් තුවාලය. උන්වහන්සේ එම කැළැල් සැඟවූයේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ ඒවාට අවධානය කැඳවූ සේක.

මුලින් යේසුස්වහන්සේගේ නැවත නැගිටීම තෝමස් සැක කළ පසු උන්වහන්සේ ඔහුට පැවසුවේ “නුඹේ ඇඟිල්ල මෙහි දිගු කොට මාගේ අත් බලන්න. නුඹේ අත දිගු කොට මාගේ ඇලයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට විශ්වාස කරන්න” (යොහන් 20:27 පදය) කියාය. තෝමස් තමාම ඒ කැළැල් දුටු පසු සහ ක්‍රිස්තුස්වහන්සේගේ පුදුමාකාර වචන ඇසූ පසු ඒ යේසුස්වහන්සේ බව ඔහු ඒත්තු ගත්තේය. ඇදහිල්ලෙන් යුතුව ඔහු “මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි” (28 පදය) කියා ප්‍රකාශ කළේය. තමන්වහන්සේගේ එම ශාරීරික තුවාල නුදුටුවත් විශ්වාස කරන අයට උන්වහන්සේ විශේෂ ආශිර්වාදයක් යොමු කළ සේක. එනම් “නුදුටු නුමුත් විශ්වාස කළ අය ආශිර්වාද ලද්දෝය” (29 පදය) යනුවෙනි.

අපට ඇති යහපත් ආරංචිය නම් උන්වහන්සේගේ කැළැල් අපගේ පාප එනම් අන් අයට හෝ අපට විරුද්ධව වූ පාප නිසා යන්නය. යේසුස්වහන්සේගේ මරණය උන්වහන්සේ විශ්වාස කරන සෑම දෙනාගේම පව් සමාවට සහ තෝමස් මෙන් “මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි” කියා ප්‍රකාශ කරන්නන්ටය.