2019 දී ලොව පුරා කලා ප්‍රදර්ශනයන් ලියනාඩෝ ඩා වින්සිගේ පන්සිය වසරක සැමරුම ක්‍රියාත්මක කළෝය. ඔහුගේ බොහෝ චිත්‍ර සහ විද්‍යාත්මක සොයා ගැනීම් ප්‍රදර්ශණය කළද ඩා වින්සිගේ බවට සනාථ කළ චිත්‍ර ඇත්තේ පහකි. ඉන් එකක් අන්තිම රාත්‍රී භෝජනයයි.

මෙ සංකීර්ණ චිත්‍රය තම ගෝලයන් සමග යේසුස්වහන්සේ ගත් අවසන් භෝජනය පෙන්නුම් කරයි. ඒ යොහන් ශුභාරංචියේ සඳහන් කරන පරිදිය. “නුඹලාගෙන් එක් කෙනෙක් මා පාවා දෙන්නේය” (යොහන් 13:21) යන යේසුස්වහන්සේගේ ප්‍රකාශයට වියවුල්වූ ගෝලයන්ගේ මුහුණු හොඳින් මතු කර තිබේ. ව්‍යාකූල වූ ගෝලයෝ පාවා දෙන්නා කව්දැයි ඔවුන් අතර කථා කර ගනිද්දී යුදස් තම ගුරුවරයාණන් සහ මිතුරා සිටින ස්ථානය පැවසීමට සෙමින් පිටවී අධිකාරීන් වෙත ගියේය.

“පාවාදීම” යන යේසුස්වහන්සේගේ වචන වල වේදනාව ගැබ්ව තිබුණි. “මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවීය” (18 පදය). එකට කෑම ගැනීමට තරම් ළංව සිටි මිතුරෙක් එම සම්බන්ධතාවය යේසුස්වහන්සේට හානිකර ලෙස ක්‍රියාත්මක කළේය.

අප සෑම කෙනාම මිතුරෙක්ගේ පාවාදීම අත්දැක තිබේ. එවැනි වේදනාවකට අපි ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? යේසුස්වහන්සේ උපුටා ගත් ගීතාවලිය 41:9 භෝජනය වේලාවේ පාවා දෙන්නා සිටින බව පෙන්වා දෙයි (යොහන් 13:18). එය අපට බලාපොරොත්තුවක් දෙන්නේය. මිතුරෙකුගේ දෙබිඩි ක්‍රියාවක් දාවිත් සිතින් වගුරුවා දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ අභිමුඛය තුළින් අස්වැසිල්ලක් ලබන්නේය. එනම් එම අභිමුඛය තමන්ව ඔසවා දෙවියන්වහන්සේ සමග සදහටම තබන්නේය යන අස්වැසිල්ලයි (ගීතාවලිය 41:11-12).

මිතුරන් අපගේ බලාපොරොත්තු බිඳ දැමූ විට දෙවියන්වහන්සේගේ නොනවතින ප්‍රේමය සහ අප බලගන්වන අභිමුඛය ගැන සිතා අපට සහනය ලැබිය හැකි වන අතර එම අභිමුඛය දරුණුම වේදනාවන් දරා ගැනීමට අප සමග තිබෙනු ඇත.