“තාත්තේ ඇයි ඔයා වැඩට යන්නේ?”. මාගේ දියණිය එසේ ඇසුවේ ඇය මා සමග සෙල්ලම් කිරීමට ආශා කළ නිසාය. වැඩට නොගොස් ඇය සමග සෙල්ලම් කිරීමට මම කැමැත්තෙමි. නමුත් මාගේ අවධානය යොමු විය යුතු වැඩ ලැයිස්තුවක් රැකියා ස්ථානයෙහි තිබේ. එම ප්‍රශ්නය හොඳ එකකි. අපි වැඩ කරන්නේ ඇයි? අපට සහ අප ප්‍රේම කරන අයට සැපයීම සඳහා පමණද? එහෙත් ගෙවීමක් නැතිවත් අප වැඩ කරන්නේ ඇයි?

උත්පත්ති 2 අපට පවසන්නේ දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයින් උයනෙහි තැබුවේ එය “වවන්ටත් බලා ගන්ටත්” කියාය (15 පදය). මගේ මාමණ්ඩි ගොවියෙකි. තමා ගොවිපළ කරන්නේ භූමියට සහ සතුන්ට ඇති ආශාව නිසා බව ඔහු පවසයි. එය අලංකාර පිළිතුරකි. නමුත් වැඩට අකමැති අයට එය අඛණ්ඩ වූ ප්‍රශ්නයකි. දෙවියන්වහන්සේ විශේෂ ව්‍යාපෘතියක් සමග අපව විශේෂිත ස්ථානයක තබා ඇත්තේ ඇයි?

උත්පත්ති 1 හි පවසන්නේ අපව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත්තේ උන්වහන්සේ සාදා ඇති ලෝකය ප්‍රවේශමෙන් රැක ගැනීමට කියාය (26 පදය). මැවීම ගැන මිථ්‍යාවන් පවසන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව මැව්වේ දෙවියන්ගේ වහලුන් ලෙසට බවයි. නමුත් උත්පත්ති පොත පවසන්නේ සත්‍ය එකම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් තමන්වහන්සේගේ නියෝජිතයන් ලෙස මැව්වේ උන්වහන්සේ විසින් මනුෂ්‍යයින් වෙනුවෙන් මවා ඇති දේවල්වල භාරකරුවන් ලෙසට බවයි. දෙවියන්වහන්සේගේ ණැනවත් ප්‍රේමණීය පිළිවෙල අපි ලෝකයට ප්‍රදර්ශනය කරමු. වැඩ කිරීම යනු දෙවියන්වහන්සේගේ මහිමය සඳහා ලෝකය වගා කිරීමට ලැබෙන කැඳවීමයි.