බොබ්ගේ සමාගමට අනුශාසනා දුන් නීති ආයතනයක ටොම් වැඩ කළේය. ටොම් ආයතනයෙන් ඩොලර් දහස් ගණනක් සොරකම් කර ගන්නා තුරු ඔවුන් මිතුරෝ වූහ. බොබ්ගේ සිත බිඳුණි. ඔහු කෝපයට පත්විය. නමුත් ඔහු කිතුණුවෙක් වූ තම උපසභාපතිගෙන් ණැනවත් උපදෙසක් ලබා ගත්තේය. ටොම් ලැජ්ජාවෙන් සහ පසුතැවිල්ලෙන් පැමිණ සිටින බව උපසභාපති දුටුවේය. ඔහු බොබ්ට උපදෙස් දුන්නේ නඩුව ඉල්ලා අස් කර ගෙන ටොම්ව නැවත වැඩට ගන්නා ලෙසටය. “ඔහුට ප්‍රමාණවත් වැටුපක් ගෙවන්න. ඔහු අලාභය ගෙවනු ඇත. එවැනි කෘතඥ සේවකයෙකු ඔබට කිසිදා නොලැබෙනු ඇත” යයි ඔහු කීවේය. බොබ් එසේ කළේය. ටොම් එලෙසම වෙනස් විය.

මෙපිබොෂෙත් සාවුල් රජුගේ මුණුපුරාය. ඔහු කිසි වරදක් කර තිබුණේ නැත. නමුත් දාවිත් රජ වූ පසුව ඔහුගේ තත්ත්වය භයංකාර විය. බොහෝ රජවරු රජවීමට අවස්ථාව ඇති පෙර රජුන්ගේ ලේ නෑයින් සියල්ලෝම මරා දමති. නමුත් දාවිත් සාවුල් රජුගේ පුත්‍රයාවූ යොනාතාන්ට ප්‍රේම කළේය. එම නිසා ඔහු යොනාතන්ගේ පුත්‍රයා වූ මෙපිබොෂෙත්ට තමාගේ පුත්‍රයෙකුට මෙන් සැලකීය (2 සාමුවෙල් 9:1-13). දාවිත්ගේ අනුග්‍රහය නිසා ඔහුට ජීවිත කාලීන මිතුරෙක් ලැබුණි. මෙපිබොෂෙත් ප්‍රීතියෙන් කීවේ “මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය.” (19:28) යනුවෙනි. දාවිත්ගේ පුත් අබ්සලොම් දාවිත්ව යෙරුසලමෙන් පන්නා දැමූ විටත් ඔහු දාවිත්ට පක්‍ෂපාතීව සිටියේය (2 සාමුවෙල් 16:1-4; 19:24-30).

ඔබට ජීවිත කාලීන පක්‍ෂපාතී මිතුරෙක් අවශ්‍යද? අසාමාන්‍ය පුද්ගලයෙක් ලබා ගන්න ඔබ අසාමාන්‍ය දෙයක් කළ යුතු වන්නේය. සාමාන්‍ය ඥානය දඬුවම් කරන්නැයි කියන විට අනුග්‍රහය තෝරා ගන්න. නුසුදුස්සන්ට තමන්ව හරි ගස්සා ගැනීමට අවස්ථාව දෙමින් ඔවුන්ට ගණන් දීමට සළස්වන්න. ඔබට ඊට වඩා කෘතඥ භක්තිවන්ත මිතුරෙක් හමු නොවනු ඇත. කොටුවෙන් පිටත අනුග්‍රහය ගැන සිතන්න.