තෙරේසා මව්තුමිය නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම පිළිගත්තේ “සමාජය පුරා සාගින්නේ, නිරුවත්ව, අස්ථානගතව, කොන්වී සිටින, අන්ධ, ලාදුරු සහිත, ප්‍රේමය නොලබන, නොසළකා හැර සිටින අය වෙනුවෙනි. ඇයගේ ජීවිතයේ ඇය වැඩි කාලයක් ගත කළේ එවැනි අයට සේවය කිරීමටය.

වටාපිටාව කෙසේ වුවත් කොන්වී සිටින අයට ප්‍රේමකර සැළකිම ගැන ආදර්ශයක් යේසුස්වහන්සේ දුන් සේක. ඒ රෝගීන්ට වඩා සබත් නීතියට තැන දුන් සිනගෝගයේ නායකයන් මෙන් නොවේය (ලූක් 13:14). යේසුස්වහන්සේ මාළිගාවේ රෝගී කාන්තාවක් දුටු විට උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ සේක. උන්වහන්සේ ඇගේ ශාරීරික අඩුපාඩුවට එහායින් දෙවියන්වහන්සේගේ අලංකාර මැවීම බන්ධනයෙන් සිටින ආකාරය දුටු සේක. “යේසුස්වහන්සේ …. ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහිම ඈ කෙළින් වී දෙවියන්වහන්සේට ප්‍රශංසා කළාය” (13 පදය). ඇයව ස්පර්ශ කිරීමෙන් උන්වහන්සේ සිනගෝගයේ මුළාදෑනියා කෝපයට පත් කළේ ඒ සබත් දිනය වූ නිසාය (ලූක් 6:5). නමුත් සබත් දිනයේ ස්වාමියා වූ යේසුස්වහන්සේ අනුකම්පාවෙන් යුතුව දශක දෙකකට ආසන්න කාලයක් අපහසුවට සහ නින්දාවට මුහුණ දුන් කාන්තාව සුව කිරීම තෝරා ගත් සේක.

අපගේ සානුකම්පාව අවශ්‍ය නැතැයි අප කී දෙනෙකු ගැන සිතනවාදැයි මම කල්පනා කරන්නෙමි. එසේම වෙනත් කෙනෙකුගේ තත්ත්වයට අප පත්වී නැති නිසා අප ප්‍රතික්‍ෂේපය අත් විඳිනවා විය හැකිය. අපි අපගේ හවුල් මනුෂ්‍යයන්ට වඩා නීති ගැන සිතූ ආගමික නායකයන් මෙන් නොවෙමු. ඒ වෙනුවට යේසුස්වහන්සේගේ ආදර්ශය අනුව යමින් අන් අයට සානුකම්පාවෙන්, ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් සළකමු.