අසළ සභාවක සති පහක යාච්ඤා පංතියක් ගැනීමට මම එකඟවීමි. එහෙත් ඒ ගැන මම තැති ගැනී සිටියෙමි. සිසුන් මට කැමති වෙයිද? ඔවුන් විෂයට කැමති වෙයිද? මාගේ කණස්සල්ල නිසා මාගේ අවධානය චංචල විය. මම පාඩම් සැළසුම්, පංති සටහන් උවමනාවට වඩා සුදානම් කලෙමි. නමුත් එයට සතියක් තිබියදී මට වැටහි ගියේ මා එයට සහභාගීවීමට වැඩි සෙනගක් උනන්දු කර නොමැති බවයි.

යාච්ඤාවේදී මට තේරුම් ගියේ පංතිය දෙවියන්වහන්සේව උද්දීපනය කරන ආලෝකයක් බවයි. ඊට හේතුව ශුද්ධාත්මයාණන් ස්වර්ගීය පියාණන් වෙත සෙනගගේ අවධානය යොමු කිරීමට පංතිය භාවිතා කරන නිසාය. ප්‍රසිද්ධ ස්ථානවල කථා කිරීම ගැන මා තුළ ඇති ලැජ්ජාව මට ඉවත ලිය හැකිය. යේසුස්වහන්සේ තම කන්ද උඩ දේශනාවේදී ගෝලයන්ට උගන්වද්දී උන්වහන්සේ පැවසුවේ “නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.” (මතෙව් 5:14-15) යනුවෙනි.

ඒ වචන කියවූ පසු මම සමාජ මාධ්‍යයෙන් පංතිය ගැන දැනුම්දීමක් කළෙමි. ක්‍ෂණිකව සෙනග ප්‍රතිචාර දක්වමින් ලියාපදිංචි වීම ආරම්භ කළේ ඔවුන්ගේ කෘතඥතාවය සහ උනන්දුව දක්වමින්ය. ඔවුන්ගේ ප්‍රතිචාර දැක මා තවත් යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ගැන අවධානය යොමු කළෙමි. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (16 පදය).

එම දැක්ම සමග මම ප්‍රීතියෙන් පංතියට ඉගැන්වීමි. මගේ සුළු කර්තව්‍යය අන් අයට ආලෝක ධාරාවක් වී දෙවියන්වහන්සේ වෙනුවෙන් ඔවුන්ගේ ආලෝක දැල්වීමට ඔවුන්ට දිරියක් වේවා.