දරුවන්ගේ සංගීත ප්‍රසංගයකදී, සිසුවෙක් සහ ගුරුවරයෙක් පියානෝවක් ඉදිරියෙහි වාඩිවී සිටිනවා මම දුටුවෙමි. ඔවුන්ගේ යුග වාදනය ආරම්භ වීමට පෙර ගුරුවරයා සිසුවාට අවසන් මොහොතේ යම් උපදෙසක් දෙනවා මම බලා සිටියෙමි. සංගීත භාණ්ඩයෙන් සංගීතය ගලා එනවාත් සමගම, සිසුවා සරල තනුවක් වයන අතර ගුරුවරයාගේ සහභාගි වීම තුළින් ගීතයට වැඩි ගැඹුරක් සහ වැඩි රසයක් ලැබුණේය. සංගීත ඛණ්ඩය අවසානයේ ගුරුවරයා හිස වනා තම අනුමැතිය සිසුවාට පෙන්වූයේය.

යේසුස්වහන්සේ තුළ අපගේ ජීවිතයද තනි ක්‍රියාකාරකමක් නොවේ. එය යුග වාදනයකි. නමුත් සමහර විට උන්වහන්සේ මා අසල බවත් මම වාදනය කරන්නේ උන්වහන්සේගේ බලයෙන් සහ මඟපෙන්වීමෙන් පමණක් බවත් මට අමතක වනවා. මාගේ ශක්තියෙන් මම නිවැරදි ස්වර වාදනය කරන්නට උත්සාහ කරමි – මාගේ ශක්තියෙන් දෙවියන්වහන්සේට කීකරුවීමට – නමුත් බොහෝ විට එය අවසන් වන්නේ ව්‍යාජ සහ හිස්බවක් ඇතිවය. මාගේ සීමිත හැකියාවන් තුළින් ගැටළු විසඳීමට මම උත්සාහ දරන නමුත් බොහෝ විට එහි ප්‍රතිඵලය වන්නේ අන් අය සමඟ වියවුල්කමක් ඇතිවීමෙනි.

මාගේ ගුරුවරයා මා සමඟ සිටීම සියල්ල වෙනස් කරන්නේය. මට උපකාර කරන පිණිස යේසුස්වහන්සේ මත යැපෙන විට, මාගේ ජීවිතය දෙවියන්වහන්සේට වඩාත් ගෞරවය ගෙන දෙන්නේය. මම ප්‍රීතියෙන් සේවය කරමින්, නිදහසේ ප්‍රේම කරමින්, දෙවියන්වහන්සේ මාගේ සම්බන්ධතා වලට ආශිර්වාද කරන ආකාරය දැක විස්මයට පත්වන්නෙමි. එය, යේසුස්වහන්සේ තමන්ගේ මුල් ගෝලයින්ට කී ලෙස “යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව නුඹලාට කිසිවක් කරන්ට බැරිය.” (යොහන් 15:5).

සෑම දිනකම අපි අපගේ යහපත් ගුරුවරයා සමඟ යුග වාදනයක් කරන්නෙමු. අපගේ ආත්මික ජීවිතයේ තනුව ක්‍රියාත්මක කරන්නේ උන්වහන්සේගේ බලය සහ අනුග්‍රහයයි.