වසන්ත සමයේ ආරම්භය නැවුම් බවක් ගෙනාවේය. මාගේ සංචාරක හවුල්කාරිණිය වන මාගේ බිරිඳ ඉතා ප්‍රීතියෙන් සිටියාය. නමුත් මා වැරදි දිශාවට ගමන්කරනවා යැයි පෙන්වාදුන් රතු සහ සුදු, අනතුරු ඇඟවීමේ පුවරුවක් නොතිබුනානම්, අපි එකට ගත කළ එම අලංකාර මොහොත ඛේදවාචකයක් වීමට ඉඩ තිබින. මා නිවැරදි ලෙස වාහනය හැරවූයේ නැති නිසා, ක්‍ෂණිකවම “ඇතුල් නොවන්න” යන්නෙන් සඳහන් කර තිබූ පුවරුවක් මාගේ දෑස් ඉදිරියේ තිබුනේය. මා ඉක්මණින්ම වාහනයේ දිශාව නිවැරදි කරගත් නමුත්, මා වැරදි දිශාවට යන බව පෙන්වූ එම අනතුරු ඇඟවීම නොසළකා හැරියේ නම් මාගේ බිරිඳටත් මටත් අත්වන ඉරනම ගැන සිතීම පවා බියගන්වන සුළුය.

යාකොබ්ගේ අවසන් වචන කිහිපය, නිවැරදි කිරීමේ වැදගත්කම වෙත අපගේ අවධානය යොමු කරයි. හානි සිදුවීමට ඉඩ තිබූ ක්‍රියා, තීරණ හෝ ආශාවන් වලින් අපව නැවත හැරවීමට අපගේ ආදරණියයන්ට සිදුවූයේ නැතැයි කිව හැක්කේ කාටද? නියම වෙලාවේදී යමෙකු නිර්භීතව මැදිහත් නොවුනේ නම් අපට හෝ අන් අයට කුමන හානියක් සිදුවීමට ඉඩ තිබුණේද කියා දන්නේ කවුද?

පහත ඇති වචන වලින් යාකොඛ් දයාවෙන් නිවැරදිකිරීම ගැන පවසයි “පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා” (5:20). නිවැරදි කිරීම, දෙවියන්වහන්සේගේ දයාව ප්‍රකාශ කිරීමකි. අන් අයගේ යහපත ගැන අප තුළ ඇති ප්‍රේමය සහ සැළකිල්ල, එම පුද්ගලයා “හරවාගන්නා” පිණිස (19පදය) කථාකර, ක්‍රියාකිරීමට අපට පෙළඹවීමක් දේවා!