මැල්කම් යෞවන වයසේදී ආත්ම විශ්වාසයෙන් යුක්ත බව පෙන්නුම් කළේය. නමුත් එය වෙස්මුහුණක් පමණක් විය. සත්‍ය වශයෙන්, ඔහු කැළඹිලි සහිත නිවසකින් පැමිණි නිසා බියගුළු, පිළිගැනීම ලැබීමට දැඩි ලෙස ආශාකරන, තම පවුලේ කරදර වලට තමා වගකිව යුතු යයි ව්‍යාජ ලෙස සිතු කෙනෙකි. “මට මතක ඇති කාලයක සිට සෑම උදෑසනකම මම නානකාමරයට ගොස්, කණ්නාඩිය දිහා බලා හයියෙන් කියන්නේ ’ඔයා මෝඩයි, ඔයා කැතයි, ඒ ඔයාගේම වරද නිසයි’, යැයි ඔහු කියයි.

වයස අවු 21දී යේසුස්වහන්සේ තුළ තමාගේ අනන්‍යතාවය පිළිබඳ දිව්‍ය එළිදරව්වක් ලැබෙන තුරු මැල්කම් තමාටම දොස් පවරා ගත්තේය. “යේසුස්වහන්සේ කොන්දේසි රහිතව මට ප්‍රේම කරන බවත් එය කිසිදිනක වෙනස් නොවන බවත් මට තේරුම් ගියා,” ඔහු පැවසුවා. “මට කිසි දිනක දෙවියන්වහන්සේව ලැජ්ජාවට පත් කරන්නට බැහැ, උන්වහන්සේ කිසිදිනක මාව ප්‍රතික්‍ෂේප කරන්නේත් නැහැ.” කල්ගත වෙත්ම, මැල්කම් කණ්නාඩිය දෙස බලා වෙනස් අන්දමකින් ඔහුට කථා කළා
“ඔබ ප්‍රේමය ලබනවා, ඔබ අනර්ඝයි, ඔබට හැකියාවන් තිබෙනවා” ඔහු කියනවා “එය ඔබේ වැරැද්දක් නොවේ.”

මැල්කම්ගේ අත්දැකීම අපට පෙන්වා දෙන්නේ යේසුස්වහන්සේ අදහන්නා තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ක්‍රියාකරන ආකාරයයි. උන්වහන්සේ අපට කෙතරම් ගැඹුරු ලෙස ප්‍රේමකරනවාද කියා පෙන්වා දීමෙන් අපව බියෙන් මුදවනවා (රෝම 8:15, 38-39). එමෙන්ම අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත් එම තත්ත්‍වය නිසා අපට ලැබෙන සියළු වරප්‍රසාදත් සහතික කරන සේක (8:16-17; 12:6-8). එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ සිතුවිලි නැවුම් කරගනිමින්, අප දෙස නිවැරදිව බැලීමට අපට පුළුවන (12:2-3).

වසර ගණනාවකට පසුවත් මැල්කම් සෑම දිනම එම වචන මුමුණමින් දෙවියන්වහ්නසේ තුළ ඔහු කව්ද කියා මතක් කරගන්නේය. පියාණන්ගේ දෑස් ඉදිරියෙහි ඔහුට ප්‍රේමය ලැබේ, ඔහු අනර්ඝයි, ඔහුට හැකියාවන් තිබෙනවා. අපත් එසේමය.